Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
සේන විදානගම ගත් නාවික සෙබලෙක් රජීව් ගාන්ධිට පහර දෙන ඡායාරූපයේ ඇත්ත කතන්දරය

- සේන විදානගම ගත් නාවික සෙබලෙක් රජීව් ගාන්ධිට පහර දෙන ඡායාරූපයේ ඇත්ත කතන්දරයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

තවත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් ජූනි 8 වැනි දා දැයෙන් සමුගත්තේ ය. ඒ සේන විදානගමය. පුවත්පත් රැසක සහ ප්‍රංශ පුවත්පත් සේවයේ (AFP) දශක ගණනාවක් සේවය කළ සේන මියයන විට 76 වැනි වියේ පසුවිය.



ශ්‍රී ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ සේන විදානගම වඩාත් විශේෂ වන්නේ ආන්දෝලනාත්මක ඡායාරූපයක් නිසාය. ඒ පිළිබඳ අතීත කතාව මෙසේ ය.
ඉන්දියාව ජුනි 04 වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට පරිප්පු ඇතුළු සහනාධාර බලහත්කාරයෙන් දැමීම හේතුවෙන් ජනාධිපති ජයවර්ධන බියපත්ව සිටියේය. එයට හේතු වූයේ ඒ වනවිට රට තුළ ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව තුළින් ප්‍රබල විරෝධයක් මතුවී තිබීම නිසා ජනතා පදනම දෙදරා තිබිණි. රට පුරාම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විරෝධතා මතුවෙමින් පැවතිණි. අගමැති ප්‍රේමදාස ඇතුළු ඇමති මණ්ඩලයේ බහුතරයකට නොදන්වා ඉන්දු ලංකා ගිවිසුමට ජේ. ආර්. කැමැත්ත දී තිබිණි.

ඉන්දීය රජයේ උපදෙස් අනුව 1987 ජුලි 21වැනිදා යාපනයට ගිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජූරි, කොටි නායක ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී සංවිධානවල නායකයන් හමුවී ගිවිසුමට එක්කළ යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. තානාපති ඩික්සිට් මදුරාසියට ගොස් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ ද සාකච්ඡා කළේය.
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට යන බව ප්‍රකාශවීමත් සමඟ ද පාර්ලිමේන්තුවේද උණුසුම් තත්ත්වයක් ඇති විය.

පාර්ලිමේන්තුව 1987 ජුලි 24 වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව උණුසුම් වාද විවාද ඇතිවිය. එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මීළඟ රැස්වීම අගෝස්තු 18 දක්වා කල් තැබීය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 74ක්ද විපක්ෂව ඡන්ද 09ක්ද ලැබිණි. පානදුරේදී 1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයන් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබඳ ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.
ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සිය බිරිය සෝනියා සමඟ ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්. ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ. පී. එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ.
විරෝධතාකරුවන් නිසා මුළු බස්නාහිරම කැලඹී තිබිණි. රටපුරා කෝලාහල පැතිර ගොස් තිබිණි. දුම් කැරලි අහසට නැඟෙනු පෙනෙන්නට තිබිණි. කටුනායක ගුවන් තොටුපොළින් බැස ඔවුහු ගුවන් හමුදා හෙලිකොප්ටර් මඟින් කොටුව ගාලුමුවදොරට පැමිණියහ. වෙඩි නොවදින රථයක් සහ ඉන්දිය ආරක්ෂක නිලධාරීහු රැසක් තවත් ගුවන්යානා දෙකක් ඒ සමඟ පැමිණියහ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාරක අමාත්‍යවරයා වූයේ මුදල් ඇමති රොනී ද මෙල්ය.
ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29 වැනිදා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිවුවැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජුලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ.

නිල වශයෙන් දෙරටේ නායකයෝ ඉන්දු ලංකා ගිවිසුමට 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. එජාප ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසානායක, තොන්ඩමන්, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල යන අය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඉන්දීය රජයේ ප්‍රබල පෙලඹවීම මත ගිවිසුම ශ්‍රී ලංකා රජය මඟින් අත්සන් කළද රටේ ජනතාව මුළුමනින්ද, ආණ්ඩුවේ ඇමතිවරුන් බහුතරයක්ද එහි අඩංගු වී ඇත්තේ මොනවාදැයි දැනුම්වත් වී නොතිබිණි. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංශයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. දයා ලංකාපුර ඇතුළු මාධ්‍යවේදීන් සමඟින් මෙම ලේඛකයා ද එයට එක්වී සිටියහ.

අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30 වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාළියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වූයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකු සමඟ පෙළින් පෙළට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගි වූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කළ ද එය වළක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයන් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි කලින් යොදාගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මඟිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ සිටියේය.
නාවික භටයා අගමැති ගාන්ධිට පහර දුන් අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය.

සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාළියට මීටර් 30ක් පමණ දුරින් සකස් කළ අට්ටාලයකය. ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කළේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ භටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බඳින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය.

ලේක්හවුසියට පැමිණි විදානගම තමාගේ ඡායාරූප රීලය ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට බාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ, ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පළකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළ විය.
රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි (ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22 හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19 වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කළ බලහත්කාර ක්‍රියාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකළ බවද හෙතෙම යුද අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයන් රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත්කිරීම පිළිබඳව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතළ වැඩ සහිතව වසර 06ක සිර දඬුවමක් යුද අධිකරණය නියම කළේය. පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් 1990 අප්‍රේල් 03වැනිදා උදෑසන 9ට වැලිකඩ බන්ධනාගාරයෙන් විජිත රෝහණ විජේමුණි නිදහස් කරන ලදී. හිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි. ඔහු සමඟම විවිධ වැරදිවලට සිරගතව සිටි සිරකරුවන් 700ක්ද ජනාධිපති නියෝගය අනුව ඒ සමඟින් නිදහස්කර තිබිණි.
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඡායාරූපය ගන්නා විට ලේක්හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කළ සේන විදානගම එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමත් ලැබූ කීර්තිය සහ ප්‍රශංසා සමඟින් ප්‍රංශ පුවත් සේවයේ(AFP) මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් සේවයට එක් විය.

මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වැනිදා උපත ලද සේන විදානගම අධ්‍යාපනය ලැබුවේ ගලගම මහා විද්‍යාලයෙනි. විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර 1979 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සඟයන් වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් ඉටුකළ අයෙකි.
ජාතික ජනමාධ්‍ය මාධ්‍ය රූප ශිල්පී සම්මාන උත්සවයේදී 1993 වසරේ ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, ජාතික සන්නිවේදකයන්ගේ සංගමය 1994 වසරේ සංවිධානය කළ සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ටතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය 2019 වසරේ සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ටතම සේවාව සහ කැපවීම ඇගයීමේදී ජීවිතයේ එක්වරක් පමණක් පුද ලබන සුවිශේෂි සම්මානයෙන් ද අගයීමට ලක්වූ සේන සිය දශක තුනකට ආසන්න ජනමාධ්‍ය ජීවිතයේ දී සම්මාන සහ ඇගයීම් රැසකින් ඇගයීමට ලක්විය.

සේන විදානගම මිය යන විට දෙදරු පියෙකි. පුතු වූයේ ප්‍රකට ඡායාරූප ශිල්පියකු වන සංඛ විදානගමය. සංඛ වර්තමානයේ නවසීලන්තයේ ය. රාගම ඇලපිටිවල හෙට්ටියාවත්තේ පදිංචිව සිටි සේන විදානගමගේ අවසන් කටයුතු ජුනි 9 වැනිදා පස්වරුවේ දී වැලිසර සුසාන භූමියේ දී සිදු කෙරිණි.


ධර්මන් වික්‍රමරත්න


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top