රටවල් 40කට වැඩි ප්‍රමාණයක සුරූපිණියන් වගේම කඩවසම් තරුණයින් තරඟ වදින වෙනස් විදියේ ජාත්‍යයන්තර Beauty Pageant එකක් ගැන අපිට ආරංචි වුණා. Pancontinental 2015. පළවෙන වතාවට පැවැත්වෙන මේ තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ඔබ දන්න කියන දෙදෙනෙකුටත් අවස්ථාව ලැබිලා.
ඒ හිරු ටීවී මංගලම් වැඩසටහනේ කඩවසම් නිවේදකයා ජනප්‍රිය නළු අනූජ් රණසිංහ වගේම හිරු ටීවී තුළින් විකාශය වන A Team B team වැඩසටහන ඉදිරිපත් කරපු කිෂානි අලංකි.
2010 වර්ෂයේ Mister Sri Lanka හැටියට තේරුණු අනූජ් රණසිංහ මීට කලිනුත් ජාත්‍යන්තර තරඟ 2කට සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔහුව Pancontinental 2015 සඳහා ලංකාව නියෝජනය කරන්න තෝරාගෙන තියෙන්නේ.
ලස්සනට වඩා තරඟකරුවන්ගේ දැනුම බලන මෙම තරඟාවලියට කිෂානිව තෝරගන්න ලොකු හේතුවක් වෙලා තියෙන්නේ ඇගේ නීති උපාධියලු. මීට කලින් කිසිම Beauty Pageant එකකට සහභාගී වෙලා නැති නිසා කිෂානි මේ දවස්වල ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවලු.
විශේෂයෙන් එහිදී තරඟකරුවන්ගේ සෞඛ්‍ය තත්වයත් බලන නිසා ජීවිතයේ පළවෙනි වතාවට ඇය ජිම් එකටත් යන්න පටන් අරන්. Pancontinental 2015 තරඟාවලියේ මෙවර තේමාව වෙලා තියෙන්නේ දියවැඩියා රෝගය. ඒ නිසා අනූජ් වගේම කිෂානිත් මේ දවස්වල ඒ පිළිබඳව ගොඩක් දේවල් අධ්‍යයනය කරනවලු.
මේ මාසේ දෙවන සතිය වගේ වෙනකොට පිලිපීනය බලා පිටත්වෙන්නත් මේ දෙන්නා තීරණය කරලා තියෙනවා වගේම කොන්ටිනෙන්ටල් 2015 තරඟයෙන් ලංකාවට ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන් කියන විශ්වාසයෙනුයි අනූජ් වගේම කිෂානිත් ලංකාවෙන් පිටත්වෙලා යන්නේ.
ඉතින් අපි හැමෝමත් මේ දෙන්නට තරඟයෙන් ජයග්‍රහණය කරන්න ලැබේවායි සුභ පැතුම් එක්කරමු.
කිෂානි වගේම අනූජ් මේ ගැන අපිත් එක්ක අදහස් දැක්වූ හැටි පහතින් අහන්න.....
