කවුරු කොහොම කිව්වත්, මියා කලීෆාටම අනන්‍ය වූ රූපය ගොඩක් දෙනෙක් “කොපි“ කරන්න ගත්තා. විශේෂයෙන්ම ඇගේ “උපැස් යුවළ“ බොහෝ දෙනෙක් හොරා ගත්තා.
(මේ උපැස් යුවළ තමයි පස්සෙ කාලෙක වෙන්දේසි වෙන්නෙ.)
සමාජ මාධ්‍ය තුළ තවමත් අතිශය ජනප්‍රිය කලීෆා ගැන තරුණියක් කාලෙකට ඉහත අපූරූ සටහනක් මුහුණු පොතට ලිව්වා.
මේ තියෙන්නෙ ඒ සටහන..
මේකෙ නම අවුල් ඇති දන්න අයට නම්. වැඩිය හිතන්න එපා ඕන් ඈ.
කැම්පස් කාලෙ අපිට පුදුමාකාර උනක්නෙ තිබ්බෙ ඉගෙන ගන්න.ඒ නිසා ඉතින් ලෙක්චර් එකක් පට්ටාන් ගන්න ළං උන ගමන් බෑග් එකත් උස්සගෙන උසේන් බෝල්ට් ආරූඩ කරගෙන පිම්මෙ දුවලා දුවලා දුවලා ගිහින් කොහෝමහරි අන්තිම පෝලිමක් අල්ල ගන්නව. ඒ වගේ අන්තිම පෝලිමක් අල්ල ගන්නව කියන්නෙ සෙල්ලම් නෑ. ඒකට වාසනාවත් බලපානව.
අම්මෝ ඒ කාලෙ. ඔන්න ඒ කාලෙ මට තද පිස්සුවක් තිබ්බ පාට පාට පෑන් අරන් බෝල බෝල අකුරෙන් මගෙ නෝට් එක ලියන්න. ලෙක්චරර් වැරදිලාවත් බෝඩ් එකේ තිතක් තිබ්බත් මං ඒක බෝල කරල කොලේ ලියා ගන්නව.මොකද ඒ තරම් හොඳට අපිට පාඩම තේරුණා.
සෙම් එකක අන්තිම කියන්නෙ අපේ කොල්ලො සෙට් එක නෝට් ඉල්ලන කාලෙ. නිකන් පිස්සු බල්ලො වගේ පන්න පන්න මේ යක්කු නෝට්ස් හොයනව. මුන් කරන්නෙ කීපදෙනෙක්ගෙ නෝට්ස් ෆොටෝකොපි කරගෙන එලකිරි වගේ එක නෝට් එකක් හදාගෙන අන්තිමේ අපිටම කුප්පියත් දාන එක.
දවසක් ඕන් මගෙන් නෝට් එක ගත්ත එකෙක් කියපි මොනවද යකෝ මේ ලියල තියෙන කුණුහරප කියල.මාත් උඩ ගියා.මුගෙ ගනණ් යකෝ. හරියට මං බලෙන් අඬගහල දුන්න වගේනෙ.අනික නින්දෙන් ලියන ඒවනෙ ඉතින්,මොකෝ තේරිලා ලියන ඒවයැ. කෝකටත් කියල යාලුවො දෙතුන් දෙනෙක්ගෙ නෝට්ස් ටිකක් එක්ක කම්පෙයා කලාම තමා පත්තු උනේ. එක්ස් වෙනුවට ලියල තියෙන්නෙ ආර්. වයි වෙනුවට එෆ්.සමාන ලකුණට ලියල තියෙන්නෙ අඩු කිරීම. බැලින්මම් සේරම ඕවගේ. හම්මේ කෙල්ලෙක් වෙලත් එහෙම කරා කිව්වම ඉතින්, වසල හමාරයිනෙ.
ඔන්න ඕක නිසා මං ගියා ඇස් චෙක් කරගන්න. මදැයි කොලා. දුර පේන්නෙ නෑ. දැන් දාපල්ලකො කන්ණාඩි. හැබැයි යටිහිතේ පොඩි ආසවකුත් තිබ්බ කන්ණාඩික් දාන්න. ඔන්න යන්තම් ලස්සන ක්‍යූට් කන්ණාඩික් තෝරගත්ත. ඒක දැම්මම මට තේරුණා දැන් හෙන පොශ් ලුකින් වගේ කියල. චිහ්,යකෝ මෙච්චර කල් මං හෙන ගොනා වගේනෙ ඉඳල තියෙන්නෙ. වෙලාවට කන්ණාඩි දාන්න කිව්වෙ වගේ මාර ෆිට් එකක් මුලු සරුවාංගෙටම ආවෙ. ඒ එක්කම මට හිතුණ එෆ් බී එකට දාන්න ඕනෙ ස්ටෝරියක්, කට්ටියව ෆුල් ස්ප්‍රයිස් වෙලා යන්න කියල ගෙදර ආව ගමන් ගත්ත සෙල්ෆියක්, කන්ණාඩියත් දාගෙන කටත් ඔහෙක් කරල ටිකක් ඇද කරල එහෙම. වාව්. ඔන්න ගති ඈ. අප්ලෝඩ් කලා. වැඩේ හරි. දැන් ඉතින් බලා ඉන්නෙ විවුස් වැටෙනකල්. අම්මෝ මෙන්න බලා ඉද්දි විවුස් වැටෙනව ටොඉන් ටොඉන් ගාලා. ආසාවෙ බෑ. මාර කික් එක ඉතින්.
ඔය අතරෙදි මගෙ ෆිට් ම ෆිට් අය්ය කාරයෙක් මෙන්න ඉන්බොක්ස් එවල, "වාව්, මියා කලීෆ වගේ ආහ්" කියල. කවුද බොලේ මේ මියා කලිෆා?? ශුවර් එකට කන්ණාඩි දාන හොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක් හරි සින්ගර් කෙනෙක් හරි වෙන්නැති. ඕනෙ මඟුලක්. මගෙ මොකෝ මොකී උනාම. මට දැන් මාර හැපි. "තැන්ක් යූ අයියේ" ආයෙ මොනව හිතන්නද,ටයිප් කළා, යැවුව. ඒට පස්සෙත් මූ ටෙක්ස්ට් කරද්දි පුරුද්දට වගේ සමහර දාට "ආ මියා" කියනව. මටත් ගානක් නෑ. කාටද ඉතින් ආඩම්බර. ඇත්තටම මං ඒ වගේ වෙන්නැතිනෙ.
ඒ සිද්ධියෙන් අවුරුද්දක් විතර ගියා. මගෙ හොඳම යාලුවටත් කන්ණාඩි දාන්න උනා. මගෙ ම යාලුවනෙ. මේකත් ස්ටෝරියක් දැම්ම මං කළා වගේම, ක්‍යූට් කන්ණාඩියත් දාගෙනම. මෙන්න ටිකක් වෙලා ගිහින් මූ අහනව "කවුද ඕයි මියා කලීෆා?" කියල. මාත් ඉතින් ටියුබ් ලයිට්නෙ. "අඩේ...මටත් ඕවගෙම කිව්වනෙ ඕයි එකෙක් , මං ස්පෙක්ස් දාල ෆොටෝ එකක් දාපු පලවෙනි දවසෙම. ශුවර් එකට ස්පෙක්ස් දාන හොලිවුඩ් සින්ගර් කෙනෙක් හරි ඇක්ට්‍රස් කෙනෙක් හරි වෙන්න ඇති ඕයි" අම්මටසිරි මාත් දුන්න උත්තර. ඒත් මගෙ යාලුවට ඕක හෙන ප්‍රශ්නයක්. මට නං ඒකෙ අවුලක් පෙනුනෙම නෑ. ඒත් මේකා නිකමට වගේ මේකගෙ අයිය කෙනෙක්ගෙන් අහල අපි නොදන්න මේ මියා කලීෆ කවුද කියල.
දෙයි හාමුදුරුවනේ, මේ අපි නොදන්න මියා කලීෆ කවුද කියල ඒකි කිව්වම තමයි මගෙ ඇගේ මාලු ගඟේ නටන්න ගත්ත. හෆොයි. එදා අර යකා මට මියා කලීෆා කියල කියද්දි මමත් උඩ දාගෙන තැන්ක්‍යු කියල කිව්වනෙ. මල කෙලියයි. මතක් වෙද්දිත් විලි ලැජ්ජයි. දැන් මොන කෙහෙල්මලක් කරන්නද. ඒත් අරූට හොඳ දෙකක් කතා කරන්නම ඕනෙ. හුහ් ආව මෙතන මට මියා කලීෆා ගාගෙන. ඒ.මදිවට දැනුත් කියනවනෙ. හැරුණු තැපෑලෙන්ම අර යකාට මැසේජ් එකක් දැම්ම. මං කිව්ව ටික හිතා ගන්නකො. දාන දාන මැසේජ් එකට ඒක හිනා මූණු එවනව. තරහව දෙපිටින් ගිය පාර කෙලින් ම ගත්ත කෝල් එකක්. බනිනකල් ඒක කළේ හිනා වුණු එක. ඕක මතක් කරල තාම හිනා වෙනව දෙයියනේ.
ඔයාලත් ඕනෙම නම් මියා කලීෆ ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලන්නකො. මේකෙ කියන්නෙ කොහොමෙයි කටක් ඇරල.