අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිලි යුවලක් වුණු ‘‘නෙහාරා - මේනක‘‘ රට හැර යනවා කියලා අපිට ආරංචි වුණා. කොහොම වුනත් ඔවුන් යන්න පැය කිහිපයකට කළින් හිටිගමන්ම මේ විදියට රටින් යන යන එක ගැන අපිට මේනකගෙන්ම අහන්න පුලුවන් වුණා.
ඔහු කියන විදියට රට හැර යන්න හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන එක කියලා තමයි මේනක අපිත් එක්ක කීවේ. ඔවුන් මේ විදියට යන්නේ ඇමරිකා එක්සත් ජනපදයටලු. එහේ ගිහින් මේනක අධ්‍යාපන කටයුතු ඉවර කරනකම් නෙහාරක් ඔහු එක්ක ඉන්නවලු.
කොහොම වුනත් දෙන්නාම මේ වෙනකොටත් ජනප්‍රිය නළු නිලි යුවලක් වෙලා ඉද්දි මේ විදියේ තීරණයක් ගත්තේ ඇයි කියලා අපි මේනකගෙන් ඇහුවා. ඒ වෙලාවේ මේනක නම් කීවේ පුලුවන් අවස්ථාවක ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සහභාගී වෙන්න ඔහුට පුලුවන් කියලා. හැබැයි නෙහාරා නම් ඒ දේ කරයිද කියලා විශ්වාස නෑ කියලයි මේනක කියන්නේ.
කොහොම වුනත් මේ දෙන්නාගේ ගමනට හිරු ගොසිප් අපි සුභපතනවා වගේම රට හැරදාලා යන එක ගැන මේනක අපිත් එක්ක කීව කතාවේ හඬපටය පහතින් අහන්න....
සංවාදය නිසලි ප්‍රබුද්ධිකා