හදිසියේම අසනීපව නිවසට වී සිටින මව බැලීමට පැමිණි 18 හැවිරිදි විවාහක කාන්තාවකට මහ රෑ කරදරයක් කරන්නට ගිය සල්ලාලයෙකු පිළිබඳව පුවතක් මාතර වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාව රාත්‍රී නිවසින් එළියට පැමිණ ඇත්තේ ගෙවත්තේ බල්ලන් බුරන හඬ නොකඩවා ඇසීමත් සමගිනුයි. ඇය ගෙවත්තට යමෙකු ඇතුල්වූවාද යන්න පිළිබඳව සොයාබලන්නට විදුලි පන්දමක්ද රැගෙන නිවසින් එලියට පැමිණ තිබේ. ඒ ඇයගේ අසනීප වූ මවද සමඟිනුයි.
නිවසේ පිරිමි අයෙකු නොසිටි නිසාවෙන් යම් තැතිගැන්මකින් ගෙවත්තට පැමිණි 18 හැවිරිදි විවාහ කාන්තාව දෙසට එක් වරම සැඟව සිටි අයෙක් පැන ඇති බවට ඇය පවසා තිබේ. එලෙස පැනීමෙන් පසු ඔහු කාන්තාවගේ හැට්ටය ඉරා දමා පියයුරු සපා ඇයට ලිංගික අතවර කළ බවටද කාන්තාව පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබෙන බවට ආරංචි වේ.
ඇය වේදනාවෙන් කෑ ගසමින් සැකකරුගෙන් බේරෙන්නට තැත් කළත් එය ව්‍යර්ථ වී ඇති අතර මේ අවස්ථාවේදී ඇගේ මව අසල වූ පොල්ලක් ගෙන සැකකරුගේ මුහුණට පහරදී ඇත.
මෙලෙස සැඟව සිට පැන ඇත්තේ එම ප්‍රදේශයේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ 25 හැවිරිදි එක්දරු පියෙකු බවට පසුව තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රියේදී නිවෙසේ සිට ඇත්තේ අතවරයට මුහුණ පෑ කාන්තාව හා ඇගේ මව පමණි.
එහිදී සැකකරු පලා යෑමට උත්සාහ දැරුවද කාන්තාවන් දෙදෙනා කෑ ගසන හඬ ඇසී එහි පැමිණි අසල්වාසීන්ද ඔහුට පහරදී තිබේ. සැකකරු මහත් වෑයමෙන් ඔවුන්ගෙන් ගැලවී පලාගොස් ඇත.
පසුව කාන්තාව සිය මව සමඟ පැමිණ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව සැකකරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.