බම්බලපිටිය - ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ දී තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මිය ගිය තරුණයා සිය පෙම්වතිය සමඟ රාත්‍රියේ මෙම හෝටලයට පැමිණ ඇති බවයි.
පසුව උදෑසන ඇය හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් අනතුරුව හෝටල් බලධාරීන් සිදුකළ සොයා බැලීමකින් අනතුරුවයි තරුණයා මිය ගොස් සිටියදී සොයාගෙන ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.
මිය ගිය තරුණයාගේ පෙම්වතිය බම්බලපිටිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි.
එමෙන්ම පසුගිය දිනෙක කොළඹ ලැගුම්හලක සිටි කාන්තාවකගේ මළසිරුරක් ගමන් බෑගයක දමා තිබියදී හමුවූ අතර පසුව සොයාගත්තේ ඇයගේ අනියම් සැමියා විසින් එම ඝාතනය සිදුකර ඇති බවටයි.