ජපානයේ නගෝයා නුවර සංක්‍රමණිකයන් රදවා තබන කඳවුරක දී 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක මිය ගොස් ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය 06 වනදා ඇය මෙලෙස මිය ගොස් ඇත්තේ මාස 07කට ආසන්න කාලයක් එම කඳවුරේ රඳවා තැබීමෙන් අනතුරුවයි.
එහිදී ඇති වූ මානසික ආතතිය හේතුවෙන් ඇයට ආහාර ගැනීමට නොහැකි වී ඇති අතර, තමා මුදා හරින ලෙස කළ ඉල්ලීම් ජපාන සංක්‍රමණික බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවයි මිය යාමට පෙර ඇය තැබූ සටහන්වල දැක්වෙන්නේ.
2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගිය ඇය පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීසා ඉකුත් වී එරට රැදී සිටීම හේතුවෙන්.
රැදවුම් කදවුරේදී තමාට කිසිදු පහසුකම් නොලැබුණු බවට ඇය පැමිණිලි කර ඇති අතර, දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දෙවරක්ම රෝහල්ගත කර ඇති බව සඳහන්.
ඇයගේ මරණය පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස ජපාන අධිකරණ ඇමතිනී කමිකාවා යෝකෝ නියෝග කර ඇත්තේ එරට අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
අසාහි ෂිම්බුන් නැමති ජපාන පුවත්පත මෙම ශ්‍රී ලාංකික කාන්තාව තමාට සහය ඉල්ලා තැබූ චිත්‍ර සහිත සටහන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.
එවැනි එක් සටහනක දැක්වෙන්නේ තමාට සැබවින්ම දැන් ආහාර ගැනීම අවශ්‍ය බවයි.
කෙසේ නමුත් දිගින් දිගටම සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු ඇය පසුගිය 06 වනදා සිය කුටිය තුළම මිය ගොස් සිටි බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.