ශ්‍රී ලංකා ජාතික කොඩිය පා පිස්නාවක් ලෙස අලෙවි කළ ඇමසොන් ජාත්‍යන්තර අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ආශ්‍රය කරමින් නිෂ්පාදනය කළ කාන්තා යට ඇඳුම් අලෙවිය සඳහා සූදානම් කර තිබෙනවා.
මෙලෙස ශ්‍රී ලංකා ජාතික ධජය ආශ්‍රය කරගනිමින් නිෂ්පාදනය කරන ලද කාන්තා යට ඇඳුම් විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට ඇති අතර එහි මිල ගණන් ඩොලර් 09 සිට ඩොලර් 17 දක්වා සටහන් කර ඇති ආකාරය දැක ගතහැකි වනවා.
විවිධ සන්නාමයෙන් මෙම කාන්තා යට ඇඳුම් අලෙවියට තබා ඇති අතර එම සන්නාමය යටතේම ලොව විවිධ රටවල ජාතික ධජ ආශ්‍රය කර ගනිමින් නිෂ්පාදනය කරන ලද කාන්තා යට ඇඳුම් amazon වෙබ් අඩවියේ අලෙවියට තබා තිබෙනවා.