මියන්මාරයේ කතෝලික කන්‍යා සොහොයුරියක පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ දණින් වැටී ආයාචනය කරන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයක් ලෝකය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඇය මෙසේ අයාචනා කරනුයේ, පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා සිය ආශ්‍රමය වෙත පැමිණි තරුණ විරෝධතාකරුවන් පිරිසක් බේරා ගැනීම සඳහාය.
බෞද්ධ ජනතාව වැඩි වශයෙන් වෙසෙන මියන්මාරයේ පසුගිය පෙබරවාරි 1 වන දා සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
තමන් වෙත ජීවිත ආරක්ෂාව පතා පැමිණි තරුණයින් බේරා ගත් ඈන් රෝස් නූ ත්වාංග් නමැති කන්‍යා සොහොයුරිය සිය නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් බීබීසී බුරුම සේවය සමග අදහස් දක්වා තිබිණි.
"පොලිසිය වෙඩි තබමින් හිටියා දිගටම. මිනිස්සු බය වෙලා හිස් ලූ ලූ අත දුවමින් හිටියා. මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා. මම වෙඩි තියන්න බලාගෙන හිටිය පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියට දුවගෙන ගියා. ඊට පස්සෙ මම දණ ගැහුවා. ඒ වෙලාවේ පොලිසියේ අයත් දණ ගහන්න ගත්තා. ඔවුන් මට කිව්වා ඔවුන් රාජකාරිය කිරීම සඳහා පැමිණි අතර ඇතුළට යන්න ඉඩ දෙන්න කියලා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. ජනතාව ගොඩක් බයෙන් හිටියෙ. මම කිව්වා මිනිස්සු වේදනාවට පත් වෙන එක මට බලන්න බෑ කියලා. මම කිව්වා ඔබලාට මරන්න අවශ්‍ය නම් මාව මරන්න මගේ ජීවිතය දෙන්න මම සූදානම් කියලා. ඊට පස්සෙ ඔවුන් එතනින් යන්න ගියා. එතන හිටිය අය කුසගින්නෙන්, පිපාසයෙන් හිටියේ. පල්ලිය පැත්තේ විශාල කෑ ගැසීමක් ඇසුණා. එතන කෙනෙකුට වෙඩි වැදිලා තිබුණා. මම එයාව උස්සගෙන එන්න උත්සහ කළා. ඒත් මට තනියම ඒක කර ගන්න බැරි වුණා. කුඩා දරුවන් කෑ ගසා අඬමින් හිටියෙ. ඒ අවස්ථාව මට දරා ගන්න බැරි වුණා."
කුමුදු ජයවර්ධන
මව්බිම