පාසැල තුලින් නොනැවතුනු ඔවුන් සිය ගැටුම මහමඟටත් රැගෙන ගියේ තමන් පාසැල් නිල ඇඳුමින් සැරසී සිටින
බවත් අමතක කරමින්.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමේ ප්‍රීතිය, මත්පැන් සමඟ සමරන තවත් දරුවන් පිරිසක් දැක්වෙන මෙම
දර්ශන පෙළත් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවෙස බලා යමින් සිටි කිරිල්ලවල ප්‍රදේශයේ පාසැල් සිසුවියකට එම පාසැලේම සිසුවියන් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා.
එලෙස පහරදෙන ආකාරය සිය ජංගම දුරකථනයෙන් රූගත කර අන්තර්ජාලයට මුදාහැර තිබුනේද තවත් සිසුවියක් විසින්.
පහර කෑ සිසුවිය ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පියා කළ පැමිණිල්ලකට අනුව පහර දීමට අදාල සිසුවියන් තිදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා.
සිසුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය කරුණක් විය හැකි නමුත් සිසුවියන් මෙලෙස කලහකාරී ලෙස හැසිරීම රටේ යොවුන් පරපුරේ අනාගතය පිළිබඳව ඇති කරන්නේ තැතිගැන්මක්.
අගහිඟකම් රැසක් මධ්‍යයේ වුවද මව්පියන් සිය දරුවන්ට ජංගම දුරකථනයක් ලබා දෙන්නේ එය ඔවුන්ගේ
වර්තමාන අධ්‍යාපන ගමනට රුකුලක් වන බැවින්.
නමුත් ඔවුන්ගේ අනාගතය ඒ හරහා විනාශයට පත් වනවානම් ඒ පිළිබඳව නැවත සිතා බැලීම අප සැමගේ වගකීමක්.
වීඩියෝව මෙතනින් බලන්න...