Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
11
“මම කවදාවත් චිත්‍රය අත් නොහැරිය චිත්‍රකාරයෙක්...!” - වෙද නළාව කරේ දාගෙන අපූරූ සිතුවම් මවන හිත හොඳ දොස්තර - Photos

- “මම කවදාවත් චිත්‍රය අත් නොහැරිය චිත්‍රකාරයෙක්...!” - වෙද නළාව කරේ දාගෙන අපූරූ සිතුවම් මවන හිත හොඳ දොස්තර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

“වෛද්‍යවරයෙක් කියන භූමිකාව
ඉවසිලිවන්ත මනුස්සකමේ සුවඳින් පිරුණු කෙනෙක්...”

සිතුවිලි වර්ෂා අනන්තයක් වර්ණ පදාස මත සඟවා කැන්වසය මත විසුරුවද්දි නොකියා කියන ඒ කතන්දර කියවන්න ආසයි මම...

ප්‍රකාශිත ප්‍රකාශනයකට වඩා අප්‍රකාශිත ප්‍රකාශනයක් සොඳුරු වග කොතෙක්දැයි කියනුම කුමටද? කියනුම කෙලෙසද? එහෙව් ප්‍රකාශනයක් දිගේ පාරක් නොඅසාම අවසානයක් නොමදැනම කෙළවරක් නොසිතාම ඇවිදින්න පුළුවන් ද කොතෙක්නම් දුර...


එක්තරා වර්ෂයක එක්තරා දවසක එහෙම ඇවිද්දා මම චිත්‍රයක් දිගේ... ඒ චිත්‍ර ඇන්ඳ අයිතිකාරයා දොස්තර මහත්තයෙක්.

නම ශානක කුලතුංග... භාවාත්මක හැඟීම් වචන වියමන් බවට පරිවර්තනය නොකරන තාක් ඒ හැඟීම් මොනතරම් නම් චමත්කාරයක් ද කියලා අපි ජීවිතයේ දී සහ ආදරයේදී අත්විඳින දෙයක්....

ඒ සිද්ධාන්තය සිතුවම කියන කලා මාධ්‍යයටත් එනයින්ම අදාළයි.... තවත් අතෙකින් චිත්‍රයක් කියන්නෙම මනෝ විද්‍යාත්මක මන්ත්‍රයක්.... මනසේ සොඳුර හෝ අඳුර අනුව ඒ මන්ත්‍රයේ හැඩතල, වර්ණ ඉවසිලිවන්ත හෝ වර්ණවත් විය හැකි සේම ආවේගශීලී හෝ අවර්ණවත් විය හැකියි.... ඒ තමා මට චිත්‍රය කියන කලාව නිර්වචනය කරන්න හිතෙන එක විදිහක්

වෛද්‍යවරැ කලාවට ආදරය කරද්දී, කලාවත් එක්ක පෑහෙද්දී සැබෑ කලාවේදියෙක් ඒ දොස්තර හදවතේ ඉපදෙනවනම් මම විශ්වාස කරනවා වෛද්‍යවරයෙක් කියන භූමිකාව ඉවසිලිවන්ත මනුස්සකමේ සුවඳින් පිරුණු ඉසව්වක් බවට පරිවර්තනය කරන්න ඒ කලාවට ඇලීමේ ගුණය විසල් මඟපෙන්වීමක් කියලා....

ශානක කුලතුංග දොස්තර මහත්තයා දොස්තරකම අතරේ කවදාවත් චිත්‍රය අත් නොහැරිය චිත්‍රකාරයෙක්.
මේ මැදින් මහේ...

මේ ඇවිත් ඉන්න මාර්තුවේ 12, 13, 14 කියන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් තුනේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් එකේදී ඇන්ඳ චිත්‍ර 25 ක් විතර බලන්න විඳින්න කියවන්න පුළුවන් කියලා කියද්දී,

ඒ කියන්නෙ දොස්තර ශානකගේ එයා තනියෙන් කරන චිත්‍ර ප්‍රදර්ශනයේ වග තුග කියද්දී මට හදිස්සියෙන් වගේ හිතුණා මේ සති අන්තයේ ඒ චිත්‍රයක් ළඟ නවතින්න...

බලන්න එවන්න හැකිද ඒ චිත්‍රයක් කියලා අහද්දි දොස්තර ශානක ලෝභකමක් නැතුවම එවා තිබුණා ඒ චිත්‍ර.
හඳුනන - නාඳුනන එහෙත් හුස්මක් වැටෙන මිනිසුන්ගේ නොකියන හැඟීම්... උන් නොකීවත් හෙමින් සීරුවෙන් කාලයේ අවකාශ තුළ නිදහසේ සැරිසරමින් උන් ගැන දැනෙන හැඟීම්...

එහෙමත් නැත්නම් දොස්තර ශානකට ප්‍රකෘති මනුෂ්‍ය ස්වභාවයන් ගැන දැනෙන හැඟීම් තමයි මෙදා සැරේ පින්සලයට ප්‍රස්තුතය වෙමින් කැන්වසය මත විසිරුණේ.

මනුෂ්‍ය සන්තානය කියන්නෙ මේ සංසාරය තරම්ම දිගක් පළලක් නැති අනන්තයක්.
සිත කියන්නෙ මොහොතින් මොහොත සිතුවිලි ඉපදෙන මියැදෙන මහා විසල් යායක්... ඒ විසල් යායේ සැරිසරමින්

ඇන්ඳ චිත්‍රයක් කියවමුද අපි මොහොතක් නැවතිල්ලේ....
කියන්න හා ද?
එහෙනම් එනවද ඔයා....
මතකද දවස්....
මේ මාර්තුවේ 12, 13, 14
සිකුරාදා - සෙනසුරාදා - ඉරිදා
12 එනවනම් හවස හතරේ ඉඳන් රෑ අට වෙනකම්
අනිත් දවස් දෙකේ එනවානම් උදේ 10.00 ඉඳන් රෑ 8.00 වෙනකම් එන්න හැකියි ඔබට
තැන - ලයනල් වෙන්ඩ්ට්
නගරය - කොළඹ

මේ චිත්‍ර එකතුවට ශානක එහෙමයි නම් තිබ්බේ.

ආත්මීය කවුළුව... සිංහලයෙන් ඒ වගේ අර්ථයක් දෙන්න හිතයි මට ඊට. මට දැනෙන්නේම මේ චිත්‍ර එකතුව ආත්ම ප්‍රකාශන සමුච්චයක ගොනුවක් විදිහට...
ආවොත් හැකියි ඔබටත් නමක් දෙන්නට ඊට...
දොස්තර ශානක කුලතුංග කියන්න කීවෙම ඔයා එනකම් එයා බලා ඉන්නවා කියලා...

ඉතින් චිත්‍රයක් කියවන්න
ඒ කියවීම දැනෙන හැටි කියන්න
එහෙමත් නැත්නම් හුදෙකලාවම විඳගන්න
ඔබ ඇවිත් යන්න එන්න...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top