තමාගේ හිටපු බිරිඳ පදිංචිව සිටින ස්ථානය නොපැවසු සිය දියණියගේ සිරුරුට විසි වතාවක් වෙඩි තබා පියෙකු ඝාතනය කර තිබෙනවා.
ඇයගේ මෝටර් රථය අනතුරකට ලක් කර අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
69 හැවිරිදි තුර්කි ජාතිකයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.
මෙලෙස වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සිය මිතුරිය සමඟ විභාගයකට මුහුණදීමට යමින් සිටි 28 හැවිරිදි ගුල්නූර් ඉස්මායිල් නමැති තරුණියයි.
ඇයගේ පියා මෝටර් රථයේ ජී.පී.එස් උපකරණයක් සවි කර ඇයව ලුහුබැඳගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව එම මෝටර් රථයේ සිටි තම දියණිය ඇදගෙන ගොස්, ඇයගේ මව සිටින තැන සම්බන්ධයෙන් විමසා තිබෙනවා.
එය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඇයට තැබීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.
එරට ප්‍රාදේශී මාධ්‍යයක් වාර්තා කළේ, ඉන් එකළොස් වතාවක් ඇයගේ හිසට වෙඩි තබා ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව සැකකරු පලා ගිය ද පසුව ඔහුව පොලිස් භාරය ගෙන තිබුණා.