වයස අවුරුදු දාහතරක(14) පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස නියෝග කර තිබෙනවා.
සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර එදිනට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. කරදගහමඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සඳහන්.
තම දරුවාට සැකකරු ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට දරුවාගේ දෙමාපියන් විසින් කන්දකැටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.