ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඔහු ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙක්.
ශ්‍රී ලංකා පිල අද (22) රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා යාමට නියමිතව ඇති අතර, ඊට පෙරයි ක්‍රීඩකයන් මෙලෙස කොරෝනා පරීක්ෂණවලට ලක් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෛද්‍ය උපදේශක කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කළා.