මඩොල්සිම පුංචි ලෝකාන්තය භූමිය අවට කුඩාරම් ඉදිකිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
මෙම මස මුල් සතියේ දිනක මෙම ස්ථානයේ රාත්‍රි කාලයේ කුඩාරම් ඉදිකර රාත්‍රිය් විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් එක් අයකු පහළ ප්‍රපාතයට ඇද වැටී දින තුනකට පසු යුද හමුදාව විසින් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවද හෙතෙම පැවැසීය.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙම ස්ථානයේ කූඩාරම් ඉදිකරමින් රාත්‍රි කාලය ගත කිරීම නිසා සංචාරකයන්ට අනතුරු සිදුවීම මෙන්ම අවට පරිසරයට හානි සිදුවීමක්ද සිදුවන බැවින් ලෝකාන්තය නැරඹීම සඳහා වීදුරු ආවරණ සහිත නැරඹුම් මැදිරි සහ ආරක්ෂිත වැට ඉදිකර අවශ්‍ය පහසුකම් සංචාරකයන් සඳහා සපයන තෙක් තාවකාලිකව මීගහකිවුල ප්‍රාදේශීය සභාව විසින් මෙම තහනම පනවා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන
පස්සර _ එච්.එම්.ඒ. ක්‍රිෂාන්ත