කහතුඩුව - රිලාවල මංසන්ධියේ දිගින් දිගටම සිදුවන අනතුරු පිළිබඳව හිරු පුවත් ඔස්සේ අප ඊයේ තොරතුරු වාර්තා කළා.
ඒ අනුව එම ස්ථානයේ කොළඹ හොරණ ප්‍රධාන මාර්ගය හරහා රථවාහන ධාවනය කළ නොහැකි ලෙස විශේෂ ආවරණයක් යොදා තිබෙනවා.
එසේ තිබියදීත් එම ස්ථානයේම ඊයේ සිදුවූ තවත් අනතුරක් සමඟ මේ වනවිට රිළාවල මංසන්දිය පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම අනතුර ද CCTV කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසින්.
රිළාවල මංසන්දියේ සිදුවන නොනවතින අනතුරු පිළිබඳව ඊයේ දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින්.