වව්නියාව - නෙදුන්කර්නි - සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී මෙම අධිබලැති පුපුරන ද්‍රව්‍ය සහ බිම්බෝම්බ සොයාගැනීමට පොලිසිය සමත්වුණා.
පොලිසිය පැවසුවේ TMT වර්ගයේ පුපුරනද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21යි ග්‍රෑම් 635ක්, PE 1 වර්ගයේ පුපුරනද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 610ක් හා පුද්ගල නාශක බිම්බෝම්බ 148 ක් ඒ අතර වූ බවයි.
පොලිසිය පැවසුවේ ඉන් බිම්බෝම්බ 22ක්ම සක්‍රීය තත්ත්වයේ පැවති බවයි.
එහිදී ඔඩ්ඩුසුඩාන් මන්නන්කන්ඩාල්හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක බෝම්බ නිෂ්ක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා.
පොලිසිය සැක පළ කරන්නේ එහිදී හමුවන බිම්බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය සැකකරු විසින් රැස්කරන්නට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබෙනවා.
මේ අතර වව්නියාව - සෙට්ටිකුලම්හි සින්නතම්පනෛයි ප්‍රදේශයේ කැලෑවක වලදමා තිබීයදී කිලෝ 5ක් පමණ බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2ක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා.
වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී සින්නතම්පනෛයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2 සොයාගනු ලැබුවා.
මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගොඩගන්නා අවස්ථාවේදී සක්‍රීය මට්ටමේ තිබී ඇති අතර අවසන් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම ස්ථානයේ වළ දමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
මේ අතර පාදුක්ක මීපේ දෙකදවල නුරානියාවත්ත ප්‍රදේශයේ ගල්වලක් පිහිටි භූමියේ බහලුමක ගබඩාකර තිබූ පුපුරනද්‍රව්‍ය ඇතුළු රසායනික ද්‍රව්‍ය සොරාගැනීම සම්බන්ධව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් වුණා.
පසුගිය ජනවාරි 27 වැනිදා මෙම සොරාගැනීම සිදුවූ අතර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් ගල්කොරියක හිමිකරුවෙක්, ත්‍රිරොද රථ රියදුරෙක් සහ හිටපු හමුදා සෙබලෙකු බවයි.
VIDEO