2021 IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඉන්දියාවේ චෙන්නාහිදී ආරම්භවී තිබෙනවා.
එහිදී ක්‍රිස් මොරිස් කෝටි 16.25 කට අලෙවි වූ අතර ඔහු විසින් ලංසු තබා තිබු මුදල ලක්ෂ 75ක්.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.
ග්ලෙන් මැක්ස්වෙල් දහහතර කෝටි විසිපන් ලක්ෂයක මුදලකට රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලූර් කණ්ඩායම මිලදී ගැනීමටයි කටයුතු කළේ.
එහිදී ෂකිබ් අල් හසන්ට හිමි වූ ලන්සුව ලක්ෂ 320ක්.
ස්ටීව් ස්මිත්ට හිමි වූ ලන්සුව ලක්ෂ 220ක්.
කුසල් පෙරේරා ක්‍රීඩක වෙන්දේසීයට ඉදිරිපත් කළ අතර ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයින් 292 දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.
ඒ අතරට කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා ,කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්,වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් ඊට ඇතුළත්.
කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත් IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වනු ඇති.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් අතරින් ඉන්දීය රුපියල් කෝටි දෙකක වැඩිම මූලිකලංසුවක් ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඇතුළත් වන්නේ නැහැ.
ඊට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි ,මාර්ක් වුඩ් හර්බජාන් සිං සහ කේදර් ජාදෙව්.
මේ අතර මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙසින් මෙන්ම කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් නව ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙසින් සිය කණ්ඩායම් සමඟින් අද වෙන්දේසියේදී ක්‍රීඩකයින් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමට එක්වනු ඇති.