Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
අභිරහස් ලෙස වවුනියාවේ පුද්ගලයෙකුට ලැබුණු රුපියල් ට්‍රිලියනය කොල්ල කන්න, පිළියන්දල පදිංචි කාන්තාවක් කණ්ඩායමක් එකතු කරගෙන ගිහින්

- අභිරහස් ලෙස වවුනියාවේ පුද්ගලයෙකුට ලැබුණු රුපියල් ට්‍රිලියනය කොල්ල කන්න, පිළියන්දල පදිංචි කාන්තාවක් කණ්ඩායමක් එකතු කරගෙන ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

වවුනියාව නෙලුම්කුලම කූමාංකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ගිණුමකට විදේශ රටකින් එවා තිබූ රුපියල් ට්‍රිලියනයක මුදලක් (රුපියල් කෝටි ලක්ෂයක්) ලබාගැනීම සඳහා එම පුද්ගලයා පැහැරගෙන යෑමට කොළඹ සිට වවුනියාවට පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම කණ්ඩායමට නායකත්වය දුන් පිළියන්දල පදිංචි කාන්තාවක් හා බන්ධනාගාර නිලධාරියකු ඇතුළු හයදෙනකු සිටින බව වවුනියාව පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.


පොලිසිය පවසන අන්දමට වවුනියාවේ කූමාංකුලමේ පදිංචිව සිටින කන්දසාමි නමැති අයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් ට්‍රිලියනයක මුදලක් එවා ඇත. ඒ එක්තරා සංවිධානයකට යොමු කිරීමේ අවශ්‍යතාව මතය. 
 
එහෙත් ඔහුගේ ගිණුමට බැරවී ඇති මෙම මුදල සම්බන්ධයෙන් නිසි අයිතිවාසිකම් පෙන්වීමටත් එම  මුදල ඔහුගේ නමට එවූ පුද්ගලයා පිළිබඳ නිසි තොරතුරු ලබාදීමටත් කූමාංකුලම පදිංචි කන්දසාමි නමැත්තා අපොහොසත් වීම නිසා ශ්‍රී  ලංකා මහ බැංකුව එම ට්‍රිලියනයක මුදල ඔහු වෙත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
 
ඒ අතර මෙම පුද්ගලයා එම මුදල් ලබාගැනීමට තවත් පිරිසක් සමඟ මහත් වෙහෙසක් දරා ඇතත් එයද අසාර්ථක වීම නිසා ඔහු යළි වවුනියාවට පැමිණ ඇත.
 
පසුව මේ පිළිබඳ තොරතුරු දැන සිටි මොහුට හිතවත් අයකු මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන්ට දැනුම් දී කන්දසාමිට කතා කොට අදාළ ලියකියවිලි සකස් කරගෙන ඇති බවත් ඒ සඳහා කන්දසාමිගේ අස්සන අවශ්‍ය බව කියමින් ඔහුට කොළඹට එන ලෙස කිහිප වතාවක්ම දැනුම් දී ඇත. ඒත් කන්දසාමි නොයෙකුත් දේ කියමින් කොළඹ යන ගමන ප්‍රතික්ෂේප කර ඇත.
 
මේ නිසා උරණ වූ මෙම කණ්ඩායම වාහන දෙකකින් වවුනියාවට පැමිණ ඇත්තේ කන්දසාමි පැහැරගෙන ගොස් එම ටි්‍රලියනයක මුදල ලබාගැනීමටය. එහෙත් මේ වන විට එම මුදල ගෙවීම මහ බැංකුව විසින් තහනම් කර තිබේ.
 
කෙසේ වෙතත් තමන් පැහැරගෙන යෑමට මෙම කණ්ඩායම පැමිණ ඇති බව දන්වා කන්දසාමි සැඟව ඇතත් ඔහු සොයාගත් පිරිස කන්දසාමිව කොළඹට ගෙන යෑමේ අදහසින් පැමිණි වාහනයක ඔහු නංවාගෙන ඇත. එහෙත් අතරමඟදී මේ බව වටහා ගත් කන්දසාමි වහා වාහනයෙන් බැස පුවරසන්කුලම පොලිසියට ගොස් මේ බව පවසා තිබේ. පසුව පුවරන්සන්කුලම පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය ඇතුළු කණ්ඩායමක් කන්දසාමි පැහැරගෙන යෑමට පැමිණි කාන්තාව ඇතුළු සය දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් වවුනියාව මූලස්ථාන පොලිසියට භාරදී ඇත.
 
ඒ ඔවුන් පැමිණි වාහන දෙකද සමඟය.
 
පසුව වවුනියාව මූලස්ථාන පොලිසියේ  වැඩ බලන ස්ථානාධිපති මනෝජ් කුමාර අලගියවන්න මහතා මේ පිළිබඳ විමර්ශනය සිදුකොට සැකකාරිය හා සැකකරුවන් පස්දෙනා පැහැරගෙන යෑමට තැත් කිරීමේ චෝදනාව මත වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. අධිකරණය සැකකාරිය හා සැකකරුවන් පස් දෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
 
වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වවුනියාව වැඩබලන ස්ථානාධිපති මනෝජ් කුමාර අලගියවන්න හා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පැවැත්වූහ. 
 
කීර්ති මෙන්ඩිස්, කුමුදු උපුල් ශාන්ත, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, 
මුලතිව් - ශෂි කුමාර්, වවුනියාව - එන්. ප්‍රියදර්ශනී
මව්බිම 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top