Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
"එයාව මුලින්ම දැක්කම මම ටිකක් වෙලා බලාගෙන හිටියා, ඒ හැඟීම ගැන කියන්න ඇත්තටම තේරෙන්නේ නැහැ.." - ප්‍රදීප් ධර්මදාස

- "එයාව මුලින්ම දැක්කම මම ටිකක් වෙලා බලාගෙන හිටියා, ඒ හැඟීම ගැන කියන්න ඇත්තටම තේරෙන්නේ නැහැ.." - ප්‍රදීප් ධර්මදාසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,503 Views
මම දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මගේ ලොකු පුතා කත්‍යාන්. එයාට අවුරුදු පහයි. එයා ඉස්කෝලේ යන්න පටන්ගත්තා විතරයි. දෙවෙනියා අභිරත්. එයාට අවුරුදු තුනයි. දුව අසෙලියා. එයාට තාම මාස අටයි.

දරුවෝ තුන් දෙනෙක් ඉන්න තාත්තෙක්ට දැනෙන හැඟීම කොයි වගේද?
ඒ හැඟීම හරිම ආදරණීයයි. පොඩි අයත් එක්ක ජීවත් වෙනවා කියන එක හරිම සුන්දරයි. ඒ වගේම පොඩි අය දඟයි. මගේ කොල්ලෝ දෙන්නා හරි දඟයි. ඇත්තටම මේ ජීවිතේ ආදරණීය යුද්ධයක් වගේ තමයි.
 
දරුවෝ තුන්දෙනෙක් කියන්නේ තාත්තෙක්ට ලොකු වගකීමක්?
මිනිස්සු විවාහ වෙලා දරුවො ලැබුණට පස්සේ සම්පූර්ණම ජීවිතය දරුවෝ බවට පත්වෙනවා. ඒක හරි ස්වභාවිකයි. දරුවෝ වෙනුවෙන් ජීවිතේ ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා. දරුවන්ගේ හෙට දවස යහපත් ආලෝකමත් කරන්න හැම මවුපියන්ම වෙහෙසෙනවා. දරුවන්ට කිසිම ගැටලුවක් වෙනවාට මව්පියන් කැමති වෙන්නේ නැහැ. අපිත් ඒ වගේමයි. ඒ වගේම මේ සමාජයේ හැටියට දරුවෙක් හදනවා කියන එක ලොකු වගකීමක්. හරිම පරිස්සමෙන් හැම දෙයක් ගැනම හිතලා බලලා, දරුවො වෙනුවෙන් අනාගතය ගැන හිතලයි අපි දැන් වැඩ කරන්නේ.
 
මුලින්ම තාත්තා කෙනෙක් වුණාම දැනුණු හැඟීම වචන කළොත්?
ඒක නම් ටිකක් හිතාගන්න බැරි හැඟීමක්. හරිම වෙනස් අත්දැකීමක්. එයාව මුලින්ම දැක්කම මම එයා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. එයා හරිම පුංචියි. මුළු ලෝකෙන්ම මගේමයි කියලා දෙයක් දැක්කා වගේ හැඟීමක් ඒක. එයාගේ අනාගතය ගැන ලොකු බරක් හිතට දැනුණා. දෙවෙනියා සහ තුන්වෙනියා ලැබෙනකොට ඒක සාමාන්‍ය හැඟීමක් බවට පත්වෙලා දැනුණේ.
 
රුවන්ගේ අනාගතය ගැන කොයිවගේ හීනද දකින්නේ?
දරුවන්ගේ අනාගතය ගැන අපි හීන දකිනවා. එයාලට කැමති පාරක යන්න ඉඩ දෙනවා. පළමුවෙනිම දේ අධ්‍යාපනය දෙන එක. ඒක ලොකු වගකීම් සහගත වැඩක්. ළමයි තුන්දෙනාව ඉස්කෝලේ යවන එක ලේසි වැඩක් නෙමෙයි. ඔවුන්ගේ අධ්‍යාපනය ගැන නිතරම හොයලා බලන්න ඕනේ. ඒ වැඩකටයුතුවලට උදවු කරන්න ඕනේ. ඒ කැපවීම් ටික කරලා ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඕනේ. එතැනින් එහාට ඔවුන්ගේ කැමැත්ත අනුව යන්න ඉඩදෙනවා.
 
පුතාලා දෙන්නාත් එක්ක ගත කරන කාලය ගැන කතා කරමු?
එයාලා මාත් එක්ක ඉද්දි වැඩිපුර කරන්නේ සෙල්ලම් කරන එක තමයි. ක්‍රිකට් ගහන්න, දුවන්න, බයිසිකල් පදින්න, ත්‍රාස්‍යජනක ක්‍රියා වගේ දේවල් තමයි එයාලා කරන්න ආස. ටීවී බලන එක දවසකට පොඩි කාලයක් විතරක් දරුවන්ට අපි සීමා කරලා තියෙන්නේ. දරුවන් ටෙලිවිෂනයට පුරුදු වුණාම ඔවුන් යාන්ත්‍රික මිනිසුන් වෙනවා. මවුපියෝ ලේසියට පහසුවට දරුවන්ව ටෙලිවිෂනයට හුරු කරලා තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් දරුවන්ගේ ජීවිතවලට ඒ හරහා වන හානිය ඔවුන්ට තේරෙන්නේ පසුකාලයේදී. මමත් දිනූජාත් වැඩිපුරම උත්සාහ කරන්නේ දරුවන්ව යතාර්ථයේ ජීවත් කරවන්න. දරුවන්ව වෙන වෙන ලෝකවලට දාලා වැඩක් නැහැ. අපිත් පොඩිකාලේ ඉඳලා ජීවත් වුණේ මේ මහපොළොවේ. ඒ ජීවිත අත්දැකීම් දරුවන්ටත් දෙන්න ඕනේ. නැතිනම් එයාලා පොඩි රොබෝලා වෙනවා. පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න දරුවන්ටත් කියලා දෙන්න ඕනේ. අත්දැකීම් තමයි අපිව ජීවත් කරවන්නේ. ඒ නිසා හැම අත්දැකීමක්ම ඔවුන්ට දෙන්න ඕනේ.
 
පුතාලා දෙන්නාගේ රුචි අරුචිකම් කොයිවගේද?
ලොකු පුතා කත්‍යාන්ට ලස්සනට චිත්‍ර අඳීන්න පුළුවන්. එයා හරිම ක්‍රියාශීලී දුවන පනින දඟයෙක්. එයාට අනිත් අයගේ ආකර්ෂණයත් ඕනේ. නංගිවයි මල්ලිවයි බලාගෙන එයා ඉන්නවා. පොඩි පුතා අභිරත් වෙනම ජාතියේ හාදයෙක්. එයා කොහොමත් දඟයි. එයා තනියම ඉන්න උත්සාහ කරන කෙනෙක්. එයාගේ දේවල් බොහොම සීමා සහිතයි. එයා කනබොන දේවල් පවා සීමාසහිතයි. එයා අයියට බයත් නැහැ. හරියටම කියනවා නම් එයාලා හොඳ චණ්ඩි දෙන්නෙක්. 
 
තාත්තලා වැඩිපුර ආදරේ දුවලාට කියලා කතාවක් තියෙනවා.
ඔව්. එහෙම එකක් තියෙනවා. මගේ දුව තාමත් පොඩියි. එයා කිට්ටු බිරිඳ දිනූෂාට. කොල්ලෝ දෙන්නා තමයි මට සමීප. එයාලා වැඩිපුරම හොයන්නේ මාව. දුවන්න පනින්න සෙල්ලම් කරන්න මාව තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒත් දුව ලොකු වෙද්දි මට හිතෙනවා එයා මට කිට්ටු වෙයි කියලා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. දුවව බලාගෙන්න චණ්ඩි අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා එයාට ජීවිතේ ලේසි වගේම අමාරුත් වෙයි. මට දිනූජාත් කියනවා පුතාලා කොහොමත් කාලයත් එක්ක මවුපියන්ගෙන් ඈත් වෙනවා, දුවලා තමයි මවුපියන්ට ඉතුරු වෙන්නේ කියලා. දුවෙක්ගේ ආදරය, ඒ හැඟීම ඉස්සරහට මට විඳීන්න පුළුවන් වෙයි.
 
දරුවෝ තුන්දෙනා වැඩියෙන් කවුරු වගේ කියලාද කියන්නේ?
එක එක අය විවිධ දේවල් කියනවා. මම වගේ කියලාත් කියනවා. දිනූජා වගේත් කියනවා. කත්‍යාන් නම් දිනූජා වගේ කියලා ගොඩක් අය කියනවා. එයාලා එක එක කාලෙට එක එක විදිහයි. මේ හැදෙන කාලේනේ. ලොකු වෙද්දි තමයි බලන්න පුළුවන් කවුරු වගේද කියලා.
 
ඔබේ බිරිඳ වෛද්‍යවරියක් වීම නිසා දරුවන්ගේ වැඩකටයුතු පහසු ඇති?
දොස්තර ගෙදර ඉන්න නිසා හොඳයි. දිනූජා හැමදේම දන්න නිසා ගොඩක් දේවල් ලේසි වුණා. නැති නම් හැමදේම අහගන්න දොස්තර කෙනෙක් මුණගැහෙන්න ඕනේ. ඒ පැත්තෙන් පහසුවක් තිබුණා. නමුත් ඒ වෘත්තියේ කාර්යබහුලත්වය වැඩියි. මමත් කාර්යබහුලයි දිනූජාත් නිතරම රෝහලට යන්න ඕනේ. මේ කාර්යබහුලත්වයත් එක්ක දරුවන් බලාගන්න එක තමයි අපිට තියෙන ලොකුම ව්‍යාපෘතිය. ඒකට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. දිනූජා සෑහෙන්න මහන්සි වෙනවා දරුවෝ වෙනුවෙන්. තාත්තා කෙනෙක්ගෙන් දරුවන් බලාගැනීම හරියටම සිද්ධ වෙන්නේ අඩුවෙන්. කාන්තාවන් තමයි ඒක හරියටම කරන්නේ. අපිත් එක්ක ළමයි හිටියොත් දඟලලා නටලා ඉඳීවි. ඒත් ඇත්තටම අපි අතින් හරියට දරුවගේ වැඩ කෙරෙන්නේ නෑනේ.
 
මේ සියල්ලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැන කතා නොකළොත් අඩුවක්.
ඇත්තටම දිනූජා තමයි දරුවන්ගේ හැමදෙයක්ම කරන්නේ. එයා වෛද්‍යවරියක් වීමම මට ලොකු පහසුවක්. දරුවෝ නිතරම අසනීප වෙනවා. එතකොට දිනූජා දන්නවා එයාලට කරන්න ඕනේ ප්‍රතිකාර මොනවාද කියලා. අනිත් මවුපියෝ හදිසියේ දරුවෙක් අසනීප වුණාම මොනවා කරනවා ඇත්ද කියලා හිතාගන්න අමාරුයි. දිනූජා තමයි දරුවෝ හදන්නේ. ඒක විශේෂ කැප කිරීමක්. දරුවෝ තුන්දෙනෙක් බලාගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. මට හිතාගන්නත් බැහැ දිනූජා කොහොමද එච්චර කැපවෙලා වැඩ කරන්නේ කියලා. හැම අම්මා කෙනෙක්ම එහෙමයි. දරුවෝ වෙනුවෙන් අම්මලා ජීවිතේ ලොකු කැප කිරීම් ගොඩක් කරනවා.
 
අම්මායි තාත්තායි දරුවෝ තුන්දෙනාගේ වැඩ බෙදාගෙන කරනවාද?
ඇත්තටම අම්මා තමයි දරුවන්ගේ වැඩ කරන්නේ. තාත්තා වැඩ කරන්නේ හිටපු ගමන් තමයි. පොඩි අයට කවන පොවන එක කරන්නේ මගේ බිරිඳ. ලොකුම පුතාට තනියම කන්න බොන්න එයාගෙ සමහර වැඩ කරගන්න පුරුදු කරලා තියෙන්නේ. අනිත් දෙන්නාගේ වැඩ මට පුළුවන් විදිහට කරනවා. මම ගෙදර රැඳෙන කාලය අඩුයි. රෑට තමයි ගොඩක් දුරට ගෙදර ඉන්නේ. ඒ වෙලාවට කොල්ලෝ දෙන්නා මාව හොයන්නේ සෙල්ලම් කරන්න. පුළුවන් උපරිමයෙන් මම වැඩ කරනවා. නමුත් දරුවන්ගේ වගකීම් සහ වැඩ වැඩි වශයෙන් වෙන්නේ බිරින්දෑ අතින් තමයි.
 
ප්‍රදීප් කියන්නේ කාර්යබහුල කලාකාරුවෙක්. දරුවන් එක්ක ඉන්න කාලය හොයාගන්නේ කොහොමද?
ළමයින්ට මවුපියන් ඕනේ. එයාලා බලන් ඉන්නේ අම්මා තාත්තා ගෙදර එනකං. එයාලට අපි නැතුව ඉන්න බැහැ. ඒ නිසා පුළුවන් උපරිම විදිහට කාලය වෙන් කරගන්න බලනවා. නමුත් සමහර දවස්වලට රූගත කිරීම්වලට මම උදේම යනකොට එයාලා නිදි. රෑට එනකොට එයාලා නිදි. ඒත් පුළුවන් හැම වෙලාවකම දරුවෝ එක්ක ඉන්න උත්සාහ කරනවා.
 
ඔබ දෙපළ දරුවන් හදන්නේ සාම්ප්‍රදායික විදිහටද එහෙම නැති නම් නවීන පන්නයටද?
ළමයින්ට ඕනේ හැම මට්ටමක්ම දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි වගේම ළමයින්ට සිංහලත් කතා කරන්න පුරුදු කරන්න ඕනේ. දැන් ඉන්න මවුපියෝ ළමයින්ට ඉංග්‍රීසි විතරයි උගන්වන්නේ. ඒත් අපේ රටේ දේවල් එයාලට කියලා දෙන්න ඕනේ. මගේ පුතාලා දෙන්නාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඉස්කෝලේ යද්දි ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන් වෙයි. හැම අත්දැකීමක්ම දරුවන්ට දීලා දරුවන්ව හදන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ වගේම නිදහසේ දරුවන්ට හැදෙන්න ඉඩදෙනවා. පොඩි කාලේම ළමයින්ට අනවශ්‍ය බර පටවලා ජීවිතේ එපා කරවන්නෙත් නැහැ. දිනූජාට දරුවෝ ගැන තියෙන අදහස් සහ මට තියෙන අදහස් එකතු කරලා තමයි අපි දරුවෝ හදන්නේ.
 
දරුවෝ තුන්දෙනා කලාකාරයෝ කරන්නද නැති නම් වෛද්‍යවරු කරන්නද කල්පනාව?
එහෙම එකක් නැහැ. එයාලා කැමති පැත්තකින් ඉදිරියට යන්න දෙනවා. අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. දරුවෝ ගෙදර ආශ්‍රිතව දකින යම් යම් දේවල් දැකලා මගේ ක්ෂේත්‍රයට හෝ දිනූජාගේ ක්ෂේත්‍රයට කැමති වෙලා ඒ පාරක යන්න ඕනේ කිව්වොත් යන්න දෙනවා. ඒ හැරුණුකොට එයාලා කැමති දේ කරන්න දෙනවා. අපි කැමති දේවල් ළමයි කරන්න ඕනේ නැහැ. ළමයින්ට කැමති දේ කරන්න වටපිටාව හදලා දෙන එක තමයි අපි කරන්නේ.
 
තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි කලා ක්ෂේත්‍රයට එන්න ඕනේ කිව්වොත්?
කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්ෂේත්‍රයට එන්න දෙනවා. ඒ අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. මම ක්ෂේත්‍රය ගැන දන්න නිසා මට හරි මඟපෙන්වීමක් එයාලට කරන්න පුළුවන්. නළුවෙක් වෙනවා නම් රඟපෑම කියන එක හරියට අධ්‍යයනය කරලා ඒ යන්න ඕනේ පාර මම පෙන්වනවා.
 
ලංකාවේ සමාජ වටපිටාවේ දරුවෙක් හදන්න පුළුවන්ද?
ලංකාව කියන රට ඇතුළේ ඇත්තටම දරුවන්ට හැදෙන්න සුදුසු සමාජ වටපිටාවක් නෙමෙයි තියෙන්නේ. කලා ක්ෂේත්‍රය ඇතුළේ විතරක් හැම ක්ෂේත්‍රයකම අක්‍රමවත් බව පේනවා. මේ වගේ රටක ඉස්කෝලේ යන කාලේ ඉඳලා ලොකු වෙනකං දරුවෙක් හදන එක අමාරු වැඩක්. මොකද මේ වටපිටාවේ තියෙන්නේම දරුවන්ව නරකට පොලඹවන දේවල්. ඒවායින් ගලවාගෙන දරුවෝ ලොකු මහත් කරන වැඩේ අමාරුයි. ඒත් කොහොමහරි ඒක අපි කරන්න ඕන. කවුරු වුණත් හරියට ඉන්නවා නම් ඕනේම වටපිටාවක ජීවත් වෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඕනේම මට්ටමක කෙනෙක් එක්ක කතාබහ කරලා ගනුදෙනු කරලා ඉන්න හැම අත්දැකීමක්ම පරිපූර්ණ මට්ටමක තියෙන්න ඕනේ. ඒ තැනට දරුවන්ව අරගෙන යන්නයි ඕනේ. අව්වට වැස්සට කුණාටුවට සුළිසුළඟට මේ සියල්ලටම මූණදෙන්න පුළුවන් ශක්තිමත් මනුස්සයෙක් හදන්න පුළුවන් නම් සමාජය ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ.
 
නිර්මාණි බණ්ඩාරනායක 
සරසවිය 
 


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top