ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලකින් පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු වෛද්‍ය සිසුවියක් 24 දා යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පැවසුවේය.
පලෙයි පොලිසිය පැවසූවේ වයස අවුරුදු 24 ක් වූ පානුශා ශිවප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස සිය නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා. ෆේස්බුක් මගින් හඳුනාගත් පෙම්වතෙකු කළ අපහාසයක් හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීමට තීරණය කළ බවට මෙම විශ්වවිද්‍යාල සිසුවිය මියයාමට පෙර සටහනක් තබා තිබුණා. කෙසේ වෙතත් ඇගේ ෆේස්බුක් පෙම්වතා පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.
සරසවි සිසුවිය සරසවියේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව දැඩි සිත් තැවුලෙන් සිටි බැව් දැරියගේ දෙමාපියන් පැවසූ බවටත් සිත් තැවුලෙන් සිටි තරුණිය පෙරේදා (24) නිවස තුළදි ගෙලවැළලාගෙන මියගොස් ඇති අතර,පශ්චාත් මරණ පරීක්ෂණයේදි ගෙළ වැළලා ගැනීමෙන් සිදු වු මරණයක් බවට තහවුරු වීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන් වෙත භාරදුන් බවද පලෙයි පොලිසිය පැවසීය.
අදාළ සරසවි සිසුවිය පලෙයි ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර, අදාළ තරුණයා, තරුණිය සරසවි අධ්‍යාපනය ලැබීමට දැඩි ලෙස විරුද්ධ වි ඇති අතර, අදාළ තරුණයාගේ බලපෑම් මත තරුණිය මීට මාස කිහිපයකට පෙර සරසවි අධ්‍යාපනය නවතා නිවස වෙත පැමිණ සිට ඇති බවද පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් පලෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.