බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ (මිරිහාන) කාන්තා පොලිස් නිලධාරිනියකගේ අත්ලේ තම දුරකථන අංකය ලියන්නට ගොස් තරුණයෙකු වැඩ වරදාගෙන තිබෙනවා.
තම ප්‍රදේශයේ පවත්වන්නට නියමිත සයිකල් තරඟයක පෙරගමන් රථය සඳහා සහය ලබාගැනීමට මෙම තරුණයා එම ආයතනයට පැමිණ ඇති අතර එහිදී අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ රූමත් පොලිස් නිලධාරිනිය දුටු ඔහු, ඇය සමග කුළුපග වීමට උත්සහ දරා තිබෙනවා.
රාජකාරියට සම්බන්ධ නැති පෞද්ගලික තොරතුරු විමසමින් නිලධාරිනිය සමඟ මිතුරු වීමට උත්සහා කල මේ තරුණයා අවසානයේ නිලධාරිනියගේ ජංගම දුරකථන අංකය ඉල්ලා තිබෙනවා.
මෙහිදී ඊට දැඩි ලෙස විරුද්ධ වූ පොලිස් නිලධාරිනිය, ඔහු පැමිණි කාරණය අවසන් කරදී පිටවයන ලෙස පවසා තිබුනත් ඉන් පසුබැස නැති ඔහු වහාම ඇයගේ අත ගෙන "එහෙනම් මගේ නොම්බරේ ලියාගන්නකෝ" කියමින් තම දුරකථන අංකය ඇයගේ අත්ලේ ලියා තිබෙනවා.
පසුව අදාල ස්ථානයේ සිදුවූ සිද්ධියත් සමඟ ඇය නිලධාරීන්ට මේ පිළිබඳව පැවසීමෙන් පසුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක අයෙක් බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ඔහු පසුව ගන්ගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 7වන මස 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කටයුතු කර තිබෙනවා.