අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අදාළ විමර්ශනය සිදුකරන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
ඊට අදාළ ප්‍රගති වාර්තාවක් සති දෙකක් ඇතුලත තමන් වෙතට ලබාදෙන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේලා ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා 12 නමක් එහිදී දිවි ගලවා ගෙන තිබුණා.