මේ අතර යාපනය අධිකරණයට ගල් ප්‍රහාර එල්ල කරමින් ඇතිවූ ප්‍රචණ්‌ඩකාරී තත්ත්වයෙන් පසු ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිසිය එහිදී මෙරට සංචාරයකට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
මෙම ඉන්දීය ජාතිකයන් තිදෙනාද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන් යාපනය පුස්‌තකාලය නැරඹීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පවසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ඉදිරිපත් වී ඔවුන් තිදෙනා බේරා ගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී තිබෙනවා.
සිවලෝගනාදන් විද්‍යා ශිෂ්‍යාවගේ මරණයත් සමග මරණ දණ්ඩනය ක්‍රියාත්මක කීරීම කෙරෙහි ද රජයේ අවදානය යොමුවී තිබෙනවා.
ඒ සඳහා ජනතාවගෙන් ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳව රජෙයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යාපනයේ සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය දක්වමින් පැවැති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවට එක්වෙමින් සඳහන් කළා.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය දිනයන්හි සිදු වූ පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව ඇති වූ කළහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත්කර තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතර, යාපනයේ සිදු වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සමස්ථ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරික්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා.
මේ අතර මෙම සිදුවීමත් සමග ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ යටතේ විශේෂ පොලිස් ඒකකයක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.