Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jul
09
"මම ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයි, ඒ නිසා රමිත් රඹුක්වැල්ල ගැනවත් එයාගේ තාත්තා ගැනවත් දැනගෙන හිටියේ නැහැ.." - දේශපාලඥ කෙහෙළිය රඹුක්වැල්ලගේ සුරූපි ලේලිය කියන කතාව

- "මම ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයි, ඒ නිසා රමිත් රඹුක්වැල්ල ගැනවත් එයාගේ තාත්තා ගැනවත් දැනගෙන හිටියේ නැහැ.." - දේශපාලඥ කෙහෙළිය රඹුක්වැල්ලගේ සුරූපි ලේලිය කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,732 Views
රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ වෙද්දී ක්‍රීඩාවෙන් ඔහුව දකින්නේ නැති නිසා දේශපාලඥ පියා වගේ මොහුත් දේශපාලනයට සම්බන්ධ වෙයිද..මේ කතා කරන්න යන්නේ රමිත් එක්ක නෙමෙයි..ඔහුගේ ආදරණිය බිරිද නටාලී රඹුක්වැල්ල එක්ක. ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී බිරිද රමිත් ගැන කතා කරන්නේ මෙහෙමයි. මේ ඒ ගැනයි.

නටාලී කොහොමද ජිවිතේ..?
හොදයි. සතුටින් ලස්සනට ජිවත් වෙනවා.

රමිත්ගේ තාත්තා ජනප්‍රිය දේශපාලඥයෙක්, ඔබේ සැමියත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්..දැන් ඔබත් ප්‍රසිද්ධයි නේද..?
ෆොටෝ ශුට්වලට් මම පෙනී ඉන්නවා. ඒ නිසා මම ගැන දන්න අයත් ඇති කියලා මම හිතනවා. ගීතවලට නිරූපනයෙන් දායක වෙන්න හෝ වෙළෙද දැන්වීම්වලට ආරාධනා ලැබුණොත් මම රමිත්ගේ අවසරය අරගෙන ඒවාට සම්බන්ධ වෙනවා. ඉදිරියටත් එහෙමයි. ශෝෂල් මිඩියාවල මගේ ෆොටෝස් දාද්දි ගොඩක් අය ඒවාට අදහස් දක්වනවා. මගේ ස්කින් එක ලස්සනයි මොනාද ස්කින් එකට පාවිච්චි කරන්නේ කියලා, මගේ ෆැෂන් ගැනත් අහනවා.

ඒ කියන්නේ නටාලීව නිළියක් හැටියටත් ඉදිරියේදී දැකගන්න ලැබෙයි..?
මම රගපාන්න කැමති නැහැ. රමිත් කොහෙත්ම කැමති වෙන එකක් නැහැ. ඒ නිසා ටෙලි නාට්‍යවලට හෝ චිත්‍රපටිවලට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නේ නැහැ.

නටාලී ඉපදෙන්නේ, හැදී වැඩෙන්නේ ලංකාවේ නෙමෙයි. ඇමරිකාවේ..ලංකාවට පදිංචියට එන්නේ රමිත් නිසාමද..?
මගේ අම්මයි අක්කයි දෙන්නම වැඩ කරන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ. කැලිෆෝනියාවල. අයියා එහේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. මමත් උපාධිය කළේ fama medicine ගැන. නමුත් මම වැඩ කළේ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ. ජොබ් එක නිසා තමයි මම මුලින්ම ලංකාවට එන්නේ. ඊට පස්සේ මෙහෙ ඉන්න හේතුවක් වෙනවා රමිත්. එයත් එක්ක විවාහ වුනු නිසා.

එතකොට රමිත් ඔබේ පෙම්වතා වෙන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනු නිසාද එහෙම නැත්තම් ඔහුගේ පියා ජනප්‍රිය දේශපාලඥයෙක් වුනු නිසාද..?
ඒ කාරනා දෙකම මට හේතුවක් වුනේ නැහැ. මොකද රමිත් මට මුලින් කිව්වේ නැහැ එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. පුද්ගලික ආයතනයක වැඩ කරනවා කියලා ඒකෙ නම කිව්වා.මට ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ක්‍රිකට් සෙල්ලම් කරනවා කිව්වට ජාතික මට්ටමින් කියලා කිව්වේ නැහැ. තාත්තා ගැනත් මම දන්නේ නැහැ. එයා කිසිම විස්තරයක් කිව්වේ නැහැ. එයාගේ හා මගේ යාළුවො දෙතුන් දෙනෙක් එකතුයි. ඒ වගේ හමුවිමකින් තමයි මට රමිත් එක්ක කතා කරන්න ලැබුනේ. ඊට පස්සේ ඩිනර් වලට ලංච් වලට ගියා..එහෙම තමයි මුලින්ම යාළුවො වෙලා ආදරේ කරන්න පටන් ගත්තේ. අවුරුද්දක් ආදරේ කරලා විවාහ වුනා.

පසුව දැනගන්න ඇතිනේ ඔහුගේ පියා දේශපාලඥයෙක් කියලා. දේශපාලඥයෙක්ගේ පුතෙක්ව විවාහ කරගන්නවාට නෙතලිගේ දෙමාපියන් විරුද්ධ වුනේ නැද්ද..?
ලංකාවේ දේශපාලනය ගැන අපිට අවබෝධයක් තිබ්බේ නැහැ. ලංකාවේ හිටියේ නැති නිසා. එයාලට ප්‍රශ්නයක් වුනේ මම ලංකාවේ තනියම ඉන්න එක ගැන. මොකද විවාහ වුනොත් ලංකාවේ ඉන්න වෙනවනේ. එතකොට මට එයාලව මිස් වෙනවා. මෙහෙ ජිවත් වෙන එක අමාරුයි. ඒවගේ ප්‍රශ්න තමයි ආවේ. ඉතින් දෙපාර්ශවයේම දෙමාපියන් මුලින්ම මුණගැස්සුවා අපි දෙන්නා විවාහ වෙන්න කැමති වුනු නිසා. දෙමාපියන් මුණගැසුනට පස්සේ එයාලගේ ප්‍රශ්නත් විසදුනා රමිත්ගේ පවුලේ අය හොද අය නිසා.

ලංකාවේම පදිංචි වුනු එක ගැන දැන් කණගාටුවක් නැද්ද..?
දුකක් තියෙනවා. මගේ පවුලේ අය මට මගහැරෙන නිසා. රමිත් පොරොන්දු වුනා අවුරුද්දකට සැරයක් එහෙ යමු කියලා. ඒ නිසා හිත හදාගෙන සතුටින් ඉන්නවා,

දේශපාලඥයෙකුගේ ලෙලි කෙනෙක් වුනු එක ගැන මොකද හිතන්නේ..?
එහෙම විශේෂයක් නැහැ. රමිත්ගේ අම්මයි තාත්තයි දෙන්නම හරි හොදයි. නමුත් මම නම් හරිම අකමැතියි රමිත් දේශපාලන වැඩවලට සම්බන්ධ වෙනවට. එයා දේශපාලනය එක්ක බිසී වෙද්දී මට එයාව මගහැරෙනවා හරියට. අපි දෙන්නට මීට් වෙන්න වෙලාවකවත් දැන් නැහැ. මට ඕන එයා මගේ ලගින්ම ඉන්නවට..

යුරෝපිය රටක ජිවත් වුණු කෙනෙක් නිසා ලංකාවේ විලාසිතා කරන්න අපහසු ඇති නේද..?
මුලින් නම් ටිකක් අමාරු වුනා. ඒ නිසා දැන් මම මෙහෙට ගැලපෙන විදිහට ෆැෂන් කරනවා. රමිත් එක්ක යද්දී විතරයි මම කොටට අදින්නේ..එක එක විදිහට අදින්න ආස වුනාට මිනිස්සු අමුතු විදිහට බලන නිසා අදින්න කැමති නැහැ.

හර්ෂණී වීරරත්න







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top