ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවත්වීමට පසුගිය දා තීරණය වුණේ අධිකරණ නියෝගයක් නිසායි.
මීට පෙරත් එම නීතිය පනවා දැඩි මහජන විරෝධයක් එල්ලවීම නිසා කෙටි කාලයකින් ඉවත් කර ගත්තා.
දැනට දින කිහිපයකට පෙර ෆේස් බුක් ඔස්සේ එකතු වුණු දහස් සංඛ්‍යාත තරුණයන් පිරිසක් ගාලු මුවදොර පිටියට එකතු වී මේ නීතියට විරෝධය පල කළා.
දැන්,මේ නීතියට එරෙහිව ලංකාවේ කලාකරුවනුත් විරෝධය පල කිරීමට පටන් අරන්.
ඉන් එක් අයෙක් ගයේෂා පෙරේරා.