සනීපාරක්ෂක භාණ්ඩ ලෙස සඳහන් කරමින් කන්ටේනර් මඟින් ගෙන්වා තිබූ රුපියල් විසි ලක්ෂයක් වටිනා සපත්තු තොගයක් සොයා ගැනීමට රේගු නිවාරණ අංශය සමත් වුණා.
රේගු මාධ්‍ය හා නීති අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේ චීනයේ සිට ගෙන්වූ මෙම භාණ්ඩ නිසා රේගුවට අහිමි වූ බදු අලාභය රුපියල් ලක්ෂ 18ක් බවයි.
එම සපත්තු තොගය ගෙන්වා ඇත්තේ කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.
මෙම සපත්තු යුගලයකට රුපියල් 500ක සෙස් බද්දක් අය කරන බැවින් එමඟින් රජයට ගෙවිය යුතු විශාල බදු මුදලක් මඟහැරීමේ අරමුණෙන් ඒවා සනීපාරක්ෂක භාණ්ඩ ලෙස සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.