මගීන් 150 දෙනෙකු සහිත ජර්මන් වින්ග්ස් ගුවන්සේවයට අයත් A 320 වර්ගයේ 9525 යානය බාසිලෝනාවේ සිට ජර්මනියේ ඩින්ග් දක්වා ඉහල අහසේ පියාසරකරමින් තිබියදී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට පසුගියදා කඩාවැටුණා. මේ වන විට ආනාවරණය වී ඇති තොරතුරු අනුව එය සහය නියමුවා විසින් හිතාමතා අනතුරට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම එහි ගමන්ගත් තරුණියන් 16ක් අවාසනාවන්ත අයුරින් ගුවන් යානය මඟහැරීමට ගොස් නැවත එයට යෑමට හැකිවීම නිසාවෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ සෝචනීය පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිරිස චාරිකාවක් සඳහා කෝච්චියකින් පැමිණ ඇති අතර ඉන් පසුව දින කිහිපයක් ගත කොට නැවත ඔවුන්ගේ උපන්බිම වෙත යාමට තෝරාගෙන අත්තේ අනතුරට පත්වූ මෙම ගුවන් යානයයි.
නවාතැන්පළේ පිරිසටද සමුදී ගුවන් තොටුපල වෙත ගොස් ඇති මෙම පිරිස අතර සිටි එක් තරුණියක් ඇයගේ හැදුනුම්පත හා ගුවන් ගමනට අදාල ලියකියවිලි නවාතැන්ගත් ස්ථානයේ අමතක කර පැමිණි තිබෙනවා. මේ හේතුවන් ඔවුන්ට නැවතත් නවාතැන් ගත් ස්ථානයට යන්නට වී ඇති අතර එයට ඉඩ නොදී නවාතැන්පොළේ සිටි පුද්ගලයා ඉක්මණින්ම වාහනයෙන් ගොස් එය නැවත ගෙනවිත් දී තිබෙනවා.
ගුවන් යානය පිටත්වන්නට මිනිත්තු කිහිපයකට පෙර ඔවුන් එයට ගොඩවී ඇත්තේ ඔහුගේ මෙම ඉක්මන් ක්‍රියාව නිසාවෙනුයි. එලෙස ප්‍රමාදවන්නට තිබූ ගුවන් ගමන ප්‍රමාද නොවී යාමට හැකිවීම නිසා අදලා සංචාරයේ යෙදුණු සියළු දෙනාටම ජීවිතයෙන් සමුගන්නට වී තිබෙනවා.