Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
13
ගැණු ළමයෙක් නාට්‍ය කලාම ඒ දිහා බලන්නෙ වපර ඇහින්

- ගැණු ළමයෙක් නාට්‍ය කලාම ඒ දිහා බලන්නෙ වපර ඇහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views



මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම ලංකාවේ බිහිවුණු හොඳම නාට්‍ය බලන්න යන්න පුරුදුවෙලා හිටියා. පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය (වළ) තියෙනවානේ. මං මේ වළට යන්න පටන්ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන්. හැම අවුරුද්දක් පාසාම බිහිවුණු හොඳම නාට්‍ය, රාජ්‍ය සම්මාන ලබපු හොඳම නාට්‍ය එතනට ගෙන්වනවා. අවුරුද්දක් පාසාම නාට්‍ය හතක්.

වළ බැහැලා හිටපු කලේ...
ඒකට කියන්නේ වළ සතිය කියලා. මේ වළ සතිය බලන්න මං යන්නේ මගේ තාත්තගේ අතේ එල්ලිලා. නාට්‍යයක් කියන්නේ මොකක්ද කියන්නවත් තේරෙන්නේ නැති වයසක්. හැබැයි එතනට යන්න යන්න මටත් නොදැනිම මං ටිකෙන් ටික නාට්‍යවලට ආකර්ෂණය වෙන්න පටන්ගත්තා. තේරෙන වයසට එද්දී නාට්‍ය ඉගෙනගන්න ඕන කියන හැඟීමක් හිතට ආවා. කොහෙන්ද ඉගෙනගන්නේ, කොහොමද ඒක කරන්න ඕන කියලා අවබෝධයක් තිබුණේ නෑ.
ඒ දවස්වල ස්කූල් බස් එහෙම මුකුත් තිබුණේ නෑනේ. මං ඉගෙනගත්තේ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයේ. ගෙදර ඉඳන් ඉස්කෝලෙට හැමදාම උදේ හවස කිලෝමීටර් විස්සක් විතර පයින් ඇවිදගෙන යන්න තිබුණා.

රෑ 12ට කොල්ලෙක්වත් නොයන ගමනක්...
එතකොට මගේ වයස අවුරුදු 10ක් 11ක් විතර ඇති. ඒ කාලේ ඉඳන්ම සංගීතය ඉගෙනගත්තා. මහනුවර ඉංග්‍රීසි කලා ආයතනයට සම්බන්ධ වෙලා තමයි ඉගැන්වීම් කළේ. මේ කලායතනයෙන් හැම අවුරුද්දකම කලා උළෙලක් සංවිධානය කරනවා. ඉතින් මං හැමදාම මේකෙ පුහුණුවීම්වලට යනවා. ඒ දවස්වල ටෙලිෆෝන් එහෙමත් තිබුණේ නෑනේ. තාත්තාට හරි අම්මාට හරි කතා කරලා මේ වෙලාවට ඉවර වෙන්නේ කියලා දන්වන්න ක්‍රමයක් තිබුණේ නෑ. එදා මට තේරුමක් ගියෙත් නෑ. රෑ වෙනකල් පුහුණුවීම් කර කර ඉඳලා දැන් මට යන්න කවුරුවත්ම නෑ. පුංචිකමට වයලීන් එකත් කරේ එල්ලගෙන හිතේ හයියෙන් යන්න පිටත් වුණා. කිලෝමීටර් දහයක් විතර ඇවිදගෙන පයින්ම ගෙදර යද්දී ‍දොළහත් පහුවෙලා.

කට්ට කාලා හරි නාට්‍යකාරියක් වෙනවා...
සංගීතය ඉගෙනගත්තට මොකද මගේ හිත තිබුණේම නාට්‍ය කලාව පැත්තට. කට්ට කාලා කොහොම හරි නාට්‍යකාරියක් වෙනවා කියන අධිෂ්ඨානය තිබුණා. ඔය හීනෙන්ම ඒලෙවල් කරලා ගෙදර ඉන්න ජාතික තරුණ සේවා සභාවේ කාලේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවට සිසුන් බඳවා ගන්නවා කියන දැන්වීම පත්තරේ දාලා තියෙනවා දැක්කා. මමයි, මගේ යාළුවකුයි අපි දෙන්නා එකතුවෙලා තමයි දැම්මේ. ඉස්සෙල්ලාම කොළඹ ආවේ තාත්තා එක්ක බස් එකේ. මහනුවර ඉඳන් කොළඹ ඇවිත් කොළඹ ඉඳන් මහරගමට ආවා ජාතික තරුණ සේවා සභාව හොයාගෙන.

කට්ට කිව්ව ගමන් මට මතක් වෙන්නේ...
කට්ට කිව්ව ගමන් මට මතක් වෙන තැන තමයි එතැන. යූත් එක. මගේ ගමන පටන්ගත්තේ එතැනින්. මේ කාලයේදී මට ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ පිරිසක් මුණගැසුණා. ගුරුවරු විදියට මං සලකන කේ.බී. හේරත්, නිශ්ශංක දිද්දෙණිය, ඩග්ලස් සිරිවර්ධන, මෛත්‍රි පෙරේරා, ජයලත් මනෝරත්න වගේ නාට්‍ය කලාව ඉගෙනගන්න පුළුවන් හොඳ පිරිසක් මුණගැසුණා.

කෙල්ලෙක් නිසා කෑව කට්ට...
අපේ සමාජය ගැහැනු ළමයෙක් නාට්‍ය කරනවා කියනවා කියන එක, නාට්‍ය ඉගෙන ගන්නවා කියන එක දිහා වපරැහින් බලන්න පුරුදු වෙලා ඉන්නවනේ. මමත් කොළඹ ඇවිත් කොළඹ නැවතිලා නාට්‍ය කරනවට අපේ ගෙදරින් කැමැත්තක් තිබුණේ නෑ. නාට්‍ය ඉගෙන ගන්නවාට කිසි විරුද්ධත්වයක් තිබුණේ නෑ. නමුත් කොළඹ රැඳිලා නාට්‍ය කරනවාට බලපෑමක් ගෙදරින් ආවා. කොහොමද කොළඹ ජීවත් වෙන්නේ, කොහොමද වැඩ කරන්නේ, පාරක් තොටක් වුණත් කොහොමද තනියෙන් හොයාගන්නේ කියන එක ගැන අපේ ගෙදර අයට බයක් තිබුණා. 'ඔන්න ඕවා දාලා ගෙදර ඇවිත් ඉන්න' කියලා කියපු අවස්ථාත් තිබුණා. හැබැයි පස්සේ පස්සේ මගේ තිබුණ දැඩි වුවමනාව ඒගොල්ලො තේරුම් ගත්තා.

හැම දවසක්ම කට්ටක් තමයි...
නාට්‍ය ඉගෙන ගන්නවා නම් ඉතින් නාට්‍ය බලන්න ඕනනේ. මහ දවාලට නාට්‍ය පෙන්වන්නේ නෑනේ. එක්කො තියෙන්නේ 3.30 නැත්නම් 6.30නේ. ඒ ආව මුල් දවස්වල නාට්‍ය හෝල් එකකට ගියාම ආපස්සට බෝඩිමට එන්න පාරවල් මතක නෑ. ඉතින් යූත් එකේ අපි සෙට් එකක් හිටියා. මිහිරි සිරිතිලක, අතුල පියසිංහලත් හිටියා. අපි සෙට් එක හැමදාම නාට්‍ය තියෙන තැන් හොයාගෙන යනවා. ලුම්බිණියෙද, ජෝන් ද සිල්වාද, ලයනල් වෙන්ට්ද නාට්‍ය තියෙන්නේ කොතැනද අපි එතැන. ගොඩක් වෙලාවට මිහිරිලා, අතුලලා බෝඩිම ළඟටම ඇවිත් අපිව ඇරලවලා තමයි යන්නේ. වෙලාවක් කලාවක් තිබුණේ නෑ. නාට්‍ය බලන්න ගියාම රෑ එළිවෙනවා තේරුණෙත් නෑ.

නාට්‍ය හදාගෙන වීදි බැස්ස කාලේ
බෝඩිං ජීවිතයක් ගතකරපු නිසා ඉතින් මුදල් අසීරුතා තිබුණා හරියට. හිතුමතේට නාට්‍ය කරන්න ඇවිත් ගෙදරට කරදර කරන්නත් බෑනේ. සල්ලි හොයාගන්න අපිම වීදි නාට්‍ය කළා. වීදි නාට්‍යයක් හදාගෙන අපි සෙට් එක නුගේගොඩ මහරගම වගේ ටවුන්වලට බහිනවා. මුලින්ම අතට ලැබුණේ රුපියල් දෙසීය පනහක් වගේ ගාණක්. ඒක තමයි මුලින්ම හම්බකරපු ගාණ.

ප්‍රසිද්ධ වේදිකාවට පය තිව්වේ
ප්‍රසිද්ධ වේදිකාවට එන්න පින පෑදුණේ ජයලත් මනෝරත්නයන්ගේ 'කනේරු මල්' වේදිකා නාට්‍යයෙන්. එදා ඉඳන් මේ දක්වා ලංකාවේ මේ වෙනකොට බිහිවුණු කඩඉම් නාට්‍යකරුවන්ගේ කඩඉම් නාට්‍යවල, කඩඉම් චරිතවලට රංගනයෙන් දායක වෙන්න පුළුවන්කම ලැබුණා. සාමාන්‍ය රංගන ශිල්පියකුට, ශිල්පිනියකට නොලැබෙන දුර්ලභ වාසනාවක්. ඒකට හේතුව වුණේ පටන්ගත්තු තැනම ශක්තිමත් වුණා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහුවල ඉඳලා වර්තමානයේ ලංකාවේ ඉන්න තරුණම නාට්‍යකරුවන් වන බුද්ධික දමයන්ත, ඉන්දික ෆර්ඩිනැන්ඩු, ධනංජය කරුණාරත්න වගේ නාට්‍යකරුවන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

අන්තිමේ ආදරෙත් හොයාගත්තේ වේදිකාවෙන්
මට මගේ ආදරය මුණගැහුණෙත් ජාතික තරුණ සේවා සභාවේදීම තමයි. කීර්ති මට මුණගැහුණේ එතැනදී. මං ක්‍ෂේත්‍රයට එනකොටත් ඔහු ක්‍ෂේත්‍රයේ දැවැන්ත වැඩකොටසක් කරලා ඉවර කරපු කෙනෙක්. රාජ්‍ය සම්මාන, යෞවන සම්මාන දිනපු කෙනෙක්. විශේෂයෙන් රංගන ශිල්පියෙක් විදියට කැපී පෙනුණ කෙනෙක්.

පිරිමියෙක් වෙන්න කෑව කට්ට...
පිටපතක් කියවලා චරිතයක් ගොඩනඟා ගන්න අවස්ථාව වෙනකල් කාලය තියෙනවානේ. ඒක ඒතරම් ලේසි කාලයක් නෙවෙයි. මං මාධනී නොවී කොහොමද ඒ චරිතයට ආරූඪ වෙන්නේ. කොච්චර අමාරු වුණත් ඒක නම් කට්ටක් විදියට මං දකින්නේ නෑ. එහෙම අමාරුවෙන් සාර්ථකව ගොඩනඟපු චරිතයක් තමයි කේ.බී. හේරත් මහත්තයාගේ 'ජගන්මා' කියන නාට්‍යයේ භද්‍රා කියන චරිතය. ඒක පිරිමි චරිතයක්. ගෑනු කිසිම ලක්‍ෂණයක් අඩංගු වෙන්න බැරි, එකතුවෙන්න බැරි චරිතයක්. ඒක හරි අමාරුවෙන් හැබැයි ප්‍රේක්‍ෂකයා කියන විදියට මං හරි සාර්ථකව ගොඩනඟපු චරිතයක්.

වේදිකාවේ ලොකුම කට්ට...
කොච්චර කැමැති වුණත් වේදිකා නාට්‍ය කලාවේදී අපිට වෘත්තීයමය මට්ටමක් බලාපොරොත්තු වෙන්න බෑ. කොටින්ම කියනවා නම් වේදිකා නාට්‍යයෙන් ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමයි මේ ක්‍ෂේත්‍රයේ තියෙන ලොකුම කට්ට. වේදිකා නාට්‍යයක්, සාමාන්‍යයෙන් දිගු කාලයක් රිහසල් කරන්න ඕන. ඒ කාලය තුළ අපට කිසිම ආදායමක් ලැබෙන්නේ නෑ. ටෙලිනාට්‍ය රූගත කිරීමකදී නම් එහෙම නෑ. රූගත කිරීම් අවසානයේදී අදාළ මුදල ලැබෙනවා. ඉතින් මේකට තියෙන ආසාව, කැමැත්ත නිසා අතේ තියෙන මුදලත් වියදම් කරගෙන තමයි අපි සම්බන්ධ වෙන්නේ.

සිනමාවේ ලොකුම කට්ට...
වේදිකාවේදී මට මං නොවී කරන්න පුළුවන් චරිත හම්බවුණානේ. සිනමාවේදී තවමත් ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ නෑ. එහෙම නිර්මාණයක් ලැබෙනකල් බලන් ඉන්න වෙන එක ලොකුම ලොකු කට්ටක්.








Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top