විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලීක්ස් පෙරේරාගේ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද (24) පෙරවරුවේ ජාඇල නගරයේදී උණසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, නව අමාත්‍යවරයෙකු ලෙස පසුගිය දා පත්වූ ෆීලික්ස් පෙරේරා පිළිගැනීමේ උත්සවයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ බැනරයක් ජාඇල නගරයේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදියි.
නව රජය බලයට පත්වීමෙන් පසුව ජාඇල නගරයේ සවි කර තිබූ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ රුව සහිත දැන්වීමක් පුවරුවක් ආසන්නයේ මෙම දැනුවත් කිරීමේ බැනරය සවි කිරීමට අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ අධාරකරුවන් උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී අමාත්‍ය ජෝශෆ් මයිකල් පෙරේරාගේ ආධාරකරුවන් සමඟ සිදුවීමට ගිය ගැටුමක් සමථයකට පත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බලය සංවිධානය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා.