පවුල් ආරවුලක් හේතුවෙන් අමෙරිකාවේ අයිඕවා (Iowa) ප්‍රාන්තයේ නගරයක ස්ථාන කිහිපයක සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් නිලධාරීන් සැකකරු කොටු කර ගැනීමට උත්සාහ කිරීමේදී, ඔහු තමාටම වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මස්කටීන් (Muscatine) නගරයේ නිවාස දෙකක සහ ව්‍යාපාරික ස්ථානයක මෙම වෙඩි තැබීම් සිදුවී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
පොලිසියට අනුව, වින්දිතයන්ගෙන් සිව්දෙනෙකුම එක් නිවසක් තුළදී ඝාතනය කර ඇති බව සඳහන්.
මස්කටීන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, මෙම වෙඩි තැබීම වාර්තා වී ඇත්තේ ඊයේ (01) සඳුදා එරට වේලාවෙන් දවල් 12:12ට පමණයි.
ප්‍රථමාධාර කණ්ඩායම් එම ස්ථානයට යන විටත් එම පුද්ගලයන් සිව්දෙනාම මියගොස් තිබෙනවා.
සැකකරු මස්කටීන් හි පදිංචි 52 හැවිරිදි රයන් විලිස් මැක්ෆාර්ලන්ඩ් (Ryan Willis McFarland) ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර, පොලිසිය පැමිණීමට පෙර ඔහු එම නිවසින් පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පසුව නිලධාරීන්ට ඔහුව මිසිසිපි නදියේ (Mississippi River) අසල පිහිටි මාර්ගයකදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පරීක්ෂණ අතරතුර, තවත් වින්දිතයන් සිටිය හැකි බවට අනාවරණය කරගත් රහස් පරීක්ෂකයන්, ඉන් අනතුරුව වෙඩි වැදීමෙන් මියගොස් සිටි තවත් පිරිමින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව බලධාරීහු සඳහන් කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඉන් එක් අයෙකු වෙනත් නිවසක සිට ද, අනෙක් පුද්ගලයා ඒ අසල ව්‍යාපාරික ස්ථානයක සිට ද සොයාගෙන තිබෙනවා.
පොලිසිය මෙතෙක් වින්දිතයන්ගේ නම් හෝ වයස ප්‍රසිද්ධ කර නොමැත.