පසුගියදා පැවති විශේෂ උත්සවයකින් අනතුරුව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා හට ලොව ලැබිය හැකි ඉහළම නිලය වන ෆීල්ඩ් මාර්ෂල් තනතුර හිමිවුණා.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි නිල රථය මෙතෙක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක ගමන්ගත් වාහනයක නොතිබූ සළකුණක් වන තරු 5ක් සහිත පුවරු දෙකකින් සමන්විත වනවා.
එයින් සංකේතවත් කරන්නේ මෙහි ගමන් ගන්නේ ෆීල්ඩ් මාෂල්වරයෙකු බවයි. එය අනෙක් පාර්ශවයන්ට හඳුනාගැනීම සඳහා යොදාගන්නා සංකේතයක් ලෙසද හඳුන්වනු ලබනවා.
බෙන්ස් S 400 මාදිලියේ මෝටර් රථයක් සරත් ෆොන්සේකා මහතාගේ නිල රථය වශයෙන් යොදාගැනෙන අතර මෙම රථයට යු.හ 5555 අංකය ලබාදී තිබෙනවා. එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් තනතුර හිමි වූ සරත් ෆොන්සේකා මහතා හට විශේෂ වරප්‍රසාද රාශියක් හිමිවෙනවා. පහත දැක්වෙන්නේ එවායින් කිහිපයකුයි.
ජීවිතාන්තය දක්වා නිල ඇඳුම පැළදීමේ හැකියාව ඇත.
විශ්‍රාම යෑමත් නොමැත.
ආචාර කිරීම කලයුතු වන්නේ රටක ජනාධිපතිතුමාට පමණි.
ෆිල්ඩ් මාර්ෂල් යනු තරු පහේ ජෙනරාල් වරයෙකි.
මෙය සම්මානනීය යුධමය තනතුරකි.
ඔහුට විශේෂ කාර්ය මණ්ඩලයක් හිමිවේ.
ඔහුට වෙනමම කාර්යාලයක් පවත්වාගෙන යාමේ හැකියාව ඇත.
වැටුප් හා දීමනා හිමිවේ.
ජීවිතාන්තය දක්වාම එම වැටුප හිමිවන අතර මියගිය අවස්ථාවක එම වැටුප බිරිඳට හිමිවේ.