පසුගිය කාලයේ ලංකාවේ පොලිස් මාධ්‍ය පුවත් සම්බන්ධයෙන් විශාල කථාබහක් ඇති වුණේ එහිදී කියවුනු කාරණා සම්බන්ධයෙන් යම් අවස්ථාවල ඇති වූ ප්‍රශ්නකාරී තත්වයන් නිසාවෙනුයි. ඇතැමුන් මේ වාර්තාවන් ගෙතූ කතාන්දර ලෙසිත් අර්ථ දැක්වූවා.
ආයුධ සොයායාමේදී අපරාධ සිදුකරන අය මියයාම සම්බන්දයෙන් වැඩිවශයෙන් සමාජයේ කතාබහට ලක්වූ අතරම ඒ හා සමාන නොයෙකුත් සිදුවීම් ගැන ජනතාව අතර සැකයක් සමඟ උපහාසයක්ද මතුවන්නට වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසින් කටයුතු කල අජිත් රෝහණට මෙම කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට අනාවරණය කිරීමේ රාජකාරිය පැවරී තිබුණා.
එලෙස යම් අවස්ථාවලදී එළිපිට පක්ෂපාතීව විවිධ තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීම නිසාම ඔහුට ‘ගිරවා’, ‘රෙදි අපුල්ලන්නා’, ‘ලොන්ඩරියා‘ යන ආදී නම්ද පටබැඳුණ අතර සමහර තැන්වල ඔහුට එරෙහි මහජන උද්ඝෝෂණද කරන්නට වුණා.
දේශපාලඥයින්ට හා දේශපාලන පක්ෂවලට එළිපිට කඩේ ගිය චරිතයක් ලෙස මොහුට ජනතාවගෙන් දැඩි දෝෂාරෝපණ පවා එල්ල වූයේ පෙර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ජනතාවගේ හිත දිනාගනිමින් කටයුතු කල ආකාරයට වඩා වෙනස් ලෙසකින් මොහු පක්ෂපාතීව කටයුතු කිරීම නිසාවෙනුයි. යම් අවස්ථාවලදී ඉහළ දේශපාලඥයින්ගේ උවමනා එපාකම් අනුව ප්‍රකාශ නිකුත් කිරීම සිදුකල බව ඇතැම් වාර්තාවල දැක්වුනා.
පසුගිය සතියේ ඔහු මැලේසියාවේ ගිය නිසා යයි දක්වමින් වෙනත් කෙනෙකු එම තනතුරට පත් කර තිබුණ නමුත් ඔහු වෙනුවට වැඩ බලන්නට ආ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දැන් එම තනතුරේ ස්ථිරවම පත් කර තිබෙන්නේ අජිත් රෝහණ මහතාගේ එළිපිට කඩේ යෑමේ යුගය අවසන් කරමින්.
කෙසේ වෙතත් මේ වන විට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ කොළඹ උතුර පොලිස්බල ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් අනියුක්ත කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
තවද ඔහු වෙනුවෙන් සැකසුණ ෆේස් බුක් උපහාස රූප ආදියද කාලයක් ජනප්‍රියට පත්ව තිබුණු අතර පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයක්.
අජිත් රෝහණ ගැන ෆේස්බුක් ඔස්සේ පලවුණු කතා


අජිත් රෝහණ සමඟින් කල හිරු ගොසිප් Call කතාබහ
මෙතනින් අහන්න