Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
23
"ගොයම් කපන කාලෙ දී කිරිඅම්මලාට ඇඹුල ගෙනියන්න උදව් කළා. ගොයම් කරල් එකතු කළා.." - මොරින් චාරුණි

- "ගොයම් කපන කාලෙ දී කිරිඅම්මලාට ඇඹුල ගෙනියන්න උදව් කළා. ගොයම් කරල් එකතු කළා.." - මොරින් චාරුණිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"නටාගෙන ගියාට කමක් නැහැ. නම එහෙම අවුල් කරගෙන ගමටනම් එන්න එපා කිව්වා.."

"මට මගේ ජීවිතේ කවදාවත් ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නැහැ.."

මම ඉපදුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ ග්‍රාමයේ ඇඹලවත්ත කියන පුංචි ගම්මානයෙයි. ඒ පුංචි ගමේ අවුරුදු දාහතරක විතර කාලයක් හිටියා. ගමේ පන්සලෙන් තමයි මම පිළිපිල්ලේ අකුරු කියෙව්වේ. ඊට පස්සෙ මාව තාත්තගේ ගම වුණු වෙන්නප්පුවට එක්කගෙන ආවා. මම බාලාංශය ඉගෙන ගත්තෙ කටුනේරිය බාලිකා විද්‍යාලයෙන්.


මොරින් පවුලේ වැඩිමලා.. එහෙම නේද..?
ඔව්.. මම තමයි පවුලේ වැඩිමලා. මට අවුරුද්දකට පස්සෙ මගේ මල්ලි ඉපදුණා. මගේ තනි නොතනියට එකතු වුණු මල්ලි එක්ක මම කාලයක් සෙල්ලම් කළා. රණ්ඩු කළා. දඟ වැඩ කළා. මම පුංචි කාලේ ටිකක් චණ්ඩියි. දඟයි. එක විදිහට එක තැනක ඉන්නෙ නැහැ. ගෙදරිනුත් ගුටි කනවා. ඉස්කෝලෙදීත් දඟ වැඩ කෙරුවාම ගුරුවරු අම්මාව ඉස්කෝලෙට ගෙන්නවලා සිද්ධිය කිව්වට පස්සෙ ඒ දඟ වැඩේට ගුරුවරුන්ගෙන් ගුටි කෑවා. ගෙදරිනුත් ගුටි කෑවා. මෙහෙම කාලයක් ගියාම අපි දෙන්නාට තවත් නංගියෙක් ඉපදුණා. මට වයස දොළහෙ දී අපේ පොඩි නංගි ඉපදුණා. ඒ කියන්නෙ මගේ පවුලෙ ඉන්නෙ ගෑනු ළමයි තුන්දෙනයි එක පිරිමි ළමයයි.

ළමා කාලයේ දී ඒ තුන්දෙනා එක්ක ගෙවුණු අතීතය කොහොමද..?
අපි හතර දෙනාගෙන් වැඩියෙන්ම දඟ මමයි. ඒ නිසා අම්මලාගෙන් වැඩියෙන්ම ගුටි කෑවෙත් මමයි. කොහොමටත් පවුලේ වැඩිමලානෙ ගුටි කන්නෙ. ඒක අපේ සංස්කෘතියේ සම්ප්‍රදායේ හැටිද කියලා මම දන්නෙ නැහැ. පවුලේ බාලයා වැරැද්දක් කළත් ගුටි කන්නෙ වැඩිමලා. ලොකු එකාට බලාගන්න බැරි වුණාද? කියලා තමයි තරවටු කරන්නෙ. පවුලේ වැඩිමලා වෙලා ඉපදුණොත් වගකීමක් දරන්න ඉගෙන ගන්න කියලා තමයි මව්පියො අපිට කිව්වෙ. එදා ඒක අපේ ළමා කාලයට වදයක් කියලා හිතුණාට අද තමයි ඒකෙ අගය තේරෙන්නෙ. අද අපි සමාජ ගතවෙලා ඒ ගමන යද්දී අපිට ගෙදරින්ම අපේ මව්පියො පරිපාලනය උගන්වලා තියෙනවා කියලා අපිට තේරෙනවා.

අද කාලේ දරුවන් වැඩිපුරම සෙල්ලම් කරන්නෙ පරිගණකයෙන්.. නමුත් ඒ කාලේ එහෙම නැහැ නේද..?
අනේ නැහැ.. අපේ ළමා කාලය ඉතාම සොඳුරැයි. අපි කුරුණෑගල ගියාම වෙල්වල දිව්වා. පැන්නා. ගොයම් කපන කාලෙ දී කිරිඅම්මලාට ඇඹුල ගෙනියන්න උදව් කළා. ගොයම් කරල් එකතු කළා. පැදුරැ වට්ටි විව්වා. කුරුණෑගල ගස් උඩ නැඟගෙන ගෙවුණු ඒ කාලය මොන තරම්නම් සුන්දරද? වෙන්නප්පුවට ආවට පස්සෙ ඒකත් වෙනම ලෝකයක්. වෙන්නප්පුව කියන්නෙ ගමක් නෙමේ. ඒක අර්ධ සංස්කෘතික පළාතක්. ගම නගරය දෙකට අතරමැදි සංස්කෘතියක් තමයි වෙන්නප්පුවෙ තිබුණේ. අනික වෙන්නප්පුව කියන්නෙ කතෝලික පරිසරයක් තිබුණු පළාතක්. ඒ නිසා කුරුණෑගල සංස්කෘතියත් එක්ක වෙන්නප්පුවට ආපු අපේ ජීවිතවලට තවත් දේවල් එකතු වුණා. වෙන්නප්පුවේ දී අපි එල්ලේ ගැහුවා. ෆුට්බෝල් ගැහුවා. වොලිබෝල් ගැහුවා.

මල්ලියි මායි අතර පරතරය අවුරුද්දක් විතර නිසා මල්ලිගේ යාළුවෝ මගෙත් යාළුවෝ වුණා. ඒ නිසා ඒ කොලු රංචුවට එකතුවෙලා මාත් කොල්ලා වගේ එල්ලේ ගැහුවා. ඒ කාලේ අපිට ඕනෑ තරම් සෙල්ලම් කරන්න කාලය තිබුණා. ඉස්කෝලෙ ගියා. ගෙදර ආවා. පාසල් ගෙදර වැඩ ටික කළා. කෑවා. නෑවා. ඊට පස්සෙ ගෙදරින් එළියට බැහැලා සෙල්ලම් කරන්න ගිහින් ආයේ ගෙදර එන්නෙ හවස හය හත වෙද්දීයි. සමහර දවස්වල අපි ඉන්නෙ පේර ගස්, අඹ ගස්, ජම්බු ගස් උඩයි. පොලු ගහලා පළතුරු කඩපු කාලය හරි සුන්දරයි. අපේ දරුවන්ට ඒ වගේ කාලයක් අතපත ගාන්න ලැබුණෙ නැහැ. අපි කොච්චර උත්සාහ කළත් ඒ ආභාෂය දරුවන්ට ලබා දෙන්න, ඒක කරන්න දරැවන් එකතු වෙන්නෙ නැහැ. ඒ තරමට මේ දරුවන්ගෙ සෙල්ලමට කාලය හරස් වෙලා.

ඔබ දිගටම අධ්‍යාපනය ලැබුවෙ කටුනේරිය බාලිකාවෙද..?
නැහැ.. මම කටුනේරිය බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගෙන වෙන්නප්පුව බාලිකා විද්‍යාලයෙනුත් ඉගෙන ගත්තා. ඊට පස්සෙ ලක්නව් සිතාර් උපාධිය කළා.

මොරින්ගේ අම්මා බෞද්ධ. තාත්තා කතෝලික.. ඒ ආගම් දෙක ඔබගේ ජීවිතයට බලපෑවේ කොහොමද..?
ඔව්.. මගේ තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. ඒ වුණාට තාත්තා අපිව ක්‍රිස්තියානි ආගමට හරවා ගත්තේ නැහැ. තාත්තයි අම්මයි දෙන්නගේම කැමැත්තෙන් අපිව බෞද්ධ පරිසරයට වැඩිපුර නැඹුරු කෙරෙව්වා. අපි අම්මාට වැඩිපුරම සමීප නිසාම පුංචි කාලේ ඉඳන් අම්මා එක්ක පන්සල් ගියා. හැබැයි තාත්තා අපිට එදා ඉඳන්ම කිව්වෙ හැම ආගමකටම ගරු කරන්න.. වැඩිහිටියන්ට ගෞරව කරන්න.. සමාජයේ හොඳින් ජීවත් වෙන්න කියලා තමයි හැම ආගමකම උගන්වන්නෙ.. ඒ විදිහට ජීවත් වෙන්න කියලයි. පුංචි කාලේ අපි තාත්තා එක්ක පල්ලියටත් ගියා. මගේ තාත්තගේ පවුලේ සහෝදර සහෝදරියෝ දොළොස් දෙනෙක් වගේ විශාල සංඛ්‍යාවක් හිටියා. තාත්තා පවුලේ බාලයා. ඒ නිසා තාත්තාට පවුලේ මහගෙදර හිමි වුණා. ඒ නිසා හැමෝම හැම බදාදාවකම හැම ඉරිදාවකම හැම නත්තලකටම මේ මහගෙදරට එකතු වුණා. අපිත් ඒ ආගමික කටයුතුවලට බොහොම ගෞරවයෙන් සහභාගි වුණා. ඔය අතරේ අපි පන්සල් ගියා. දාන දුන්නා. බණ ඇහුවා. අවුරුද්දට ඒ නැකැත් සියල්ලම කළා. වෙසක් එකට කූඩු හැදුවා. ඒ හැම දෙයක්ම හරිම අපූරුවට කළා. ආගම් දෙකක්, සමාජ සංස්කෘති කිහිපයක් එක්ක තමයි අපි හැදුණෙ.

පාසලේ දී ඔබ මොනවගේ චරිතයක්ද..?
පාසලේ දී මගේ දඟකාරකම එහෙමමයි. පොඩි පොඩි චණ්ඩි වැඩ කළා. අපේ මල්ලි හරි නිශ්ශබ්ද කෙනෙක්. ඒ නිසා පාසල් කාලෙ දී දඟ වැඩ කළාම ගුරුවරුන් වැරදි කිව්වෙ මගෙයි. නංගිලා දෙන්නත් මම තරම් කලබල නැහැ. හැබැයි අපේ ලොකු නංගි හරි නීතිකාරි. මගේ තාත්තා ලොකු නංගිට කිව්වෙ ගොඩ පෙරකදෝරු නෝනා කියලයි. එයා සාධාරණයට බෙල්ල කඩාගෙන කතා කරනවා. කතා කරලා කොහොම හරි එයා දිනනවා.

පාසලේ දී කලා කටයුතුවලට නැඹුරු වුණේ නැද්ද..?
නැහැ.. ඉස්කෝලෙ යන කාලෙ දී කලා හැකියාවට මගේ හැඩතල තිබුණෙ නැද්ද මන්දා. මම ඉස්කෝලෙ පෙරදිග සංගීත කණ්ඩායමෙත් බටහිර සංගීත කණ්ඩායමෙත් හිටියා. ඊට අමතරව ක්‍රීඩාව තමයි කළේ. හැබැයි අපේ අම්මා හරිම ආසාවෙන් හිටියෙ මම සින්දු කියයි කියලා. ඒ නිසා මට සංගීතය කරන්න ඉඩ දෙන්න කියලා අම්මා ඉස්කෝලෙට ගිහිල්ලත් ඉල්ලීමක් කළා. එහෙම ඉල්ලීම් කළාට මට සින්දු කියන්නනම් බැහැ. ඒ නිසා තමයි මම සිතාර් වාදනය කළේ. එහෙම ඉගෙනගෙන මම සිතාර් වාදනය වැඩිදුර හදාරලා ගුරු පත්වීමක් පවා ලැබුවා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
මම පුංචි කාලෙ ඇත්තටම හීන දැක්කෙ ගුවන් සේවිකාවක් වෙන්නයි. ගුවන් සේවිකා ඇඳුමට මම ගොඩක් ආසයි. රටවල්වලට යන්න ආසා කළා. මම කොහොමත් ඇවිදින්න ආස චරිතයක්. ඒ නිසාම ගුවන් සේවිකාවක් වීමේ හීනය මට තිබුණා. ඒකත් මුදුන්පත් කර ගන්න හැකියාව තිබුණට තාත්තා ඒ කාලේ විදිහට ඒ රැකියාවට කැමති වුණේ නැහැ. ගෙදරින් ගිහින් දවස් දෙක තුන පිටරට ජීවත් වෙනවට තාත්තා ඒ කාලේ කැමති වුණේ නැහැ. ඇත්තම කිව්වොත් මම නිළියක් වෙනවටවත් තාත්තා මුලදී කැමති වුණේ නැහැ. ගුවන් සේවිකාවක් වෙන හීනයෙන් පස්සෙ මම නීතිඥවරියක් වෙන්න ආසා කළා. මගේ අධ්‍යාපන ප්‍රතිඵලත් එක්ක මට නීතිඥවරියක් වෙන්න පුළුවන්කමකුත් තිබුණා. හැබැයි තාත්තා අපි රස්සාවල් කරනවාට කැමති වුණේ නැහැ. අම්මානම් මම කලාවට සම්බන්ධ වෙනවට හරි ආසයි. ඒ කාලේ තාත්තයි අම්මයි කොළඹ ඇවිත් චිත්‍රපට බැලුවා. හැබැයි ඒ චිත්‍රපට බලන්න තාත්තා අපිව එක්කගෙන ආවෙ නැහැ. ඒ කාලේ වෙන්නප්පුව ඉඳන් තාත්තයි අම්මයි කොළඹ ඇවිත් ආපහු යන දවසට චිත්‍රපට තුනක් බලලා බූහාරි හෝටලෙන් අපිට කෑමත් අරගෙන තමයි ගෙදර ආවෙ. ඉස්සර චිත්‍රපට බලන්න, චිත්‍ර කතා කියවන්න තාත්තා අපිට ඉඩ දුන්නෙ නැහැ.

ගුරු පත්වීමක් අරගෙනත් මොරින් කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
ඒකත් හරි අපූරු අවස්ථාවක්. අපිට උපාධියෙන් පස්සෙ ගුරු පත්වීම් ලැබෙනවනෙ. ඒ නිසා මටත් ගුරු පත්වීමක් ලැබුණා. ඒකට යන්න ලෑස්තිවෙලා තියෙද්දී දවසක් මගේ දීප්ති කියන යාළුවයි මගේ පියල් කියන පොඩි මාමයි එයාලා සම්මුඛ පරීක්ෂණයකට කොළඹ යනවා කියලා මටත් නිකමට කතා කළා. මාත් ඒකට නිකමට ගියා. ඒකට ගිහින් තමයි අහම්බෙන් වගේ සිරිල් වික්‍රමගේ මහත්තයා මාව කරදිය වළල්ල කියන චිත්‍රපටයට තෝරාගත්තෙ. ඒ නිසා එතැනින් ගුරු පත්වීමට සමුදීලා කරදිය වළල්ලට එකතු වුණා.

මෙහෙම චිත්‍රපටයකට සම්බන්ධ වෙනවාට මොරින්ගෙ තාත්තා කැමති වුණාද..?
නැහැ. තාත්තා කොහොමටවත් කැමති වුණේ නැහැ. ඕවාට නටාගෙන ගියාට කමක් නැහැ. හැබැයි නම එහෙම අවුල් කරගෙන ගමටනම් එන්න එපා. යන තැනකම ඉන්න කියලයි තාත්තා කිව්වෙ. හැබැයි කලාවට තිබුණු ආසාව නිසාම මේ අවස්ථාව ලැබීම ගැන අම්මාට මාර සතුටුයි. මම සම්පූර්ණයෙන්ම වග කියනවා. මම දරුවා එක්ක යනවා කියලා අම්මා මගේ වගකීම බාරගත්තා. හැබැයි තාත්තා ගෙදර ඉඳන් මල්ලියි නංගිලා දෙන්නයි හොඳට බලාගත්තා.

මොරින් ඔහාරා වුණු ඔබ මොරින් චාරුනී වුණේ කලාවට සම්බන්ධ වුණාට පස්සෙයි..?
ඔව්.. තාත්තා මට කිව්වෙ මොරින් ඔහාරා කියලයි. ඒ කාලේ තාත්තා ඒ කලාකාරියට හරි කැමතියි. ඒ නිසා ඒ නම මට තියලා තිබුණා. මාව කරදිය වළල්ලෙන් පස්සෙ හේමසිරි සෙල්ලප්පෙරුම චණ්ඩින්ගෙත් චණ්ඩියා කියන චිත්‍රපටයට තෝරාගත්තා. ආනන්ද එස්. විජේසිරි මහත්තයා තමයි ඒක තිර රචනය කළේ. ඉස්සර මම හරි සුදුයි. ඉතින් මොරින් ඔහාරා කියන නම බර්ගර් නමක් වගේ කියලා එයාලා මගේ නම මොරින් චාරුනී කියලා වෙනස් කළා.

විවාහ වුණේ ප්‍රේම සම්බන්ධතාවයකින්ද..?
මම විවාහ වුණේ 1993 වසරෙයි. මට මගේ ජීවිතේ කවදාවත් ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නැහැ. ගෙදරින් හොයලා දුන්නු යෝජනාවකින් මම ගිහාන් ඉඹුලාන එක්ක විවාහ වුණා. අපිට දියණියක් ඉන්නවා.

දියණිය එක්ක ඔබ අද ගත කරන ජීවිතේ ගැන මොකද හිතන්නෙ..?
දරුවෙක් එක්ක ගත කරන කාලය ඇත්තටම තවත් ලෝකයක්. තරුණියක් බිරියක් වෙලා මවක් වීම තුළ ඇත්තටම තවත් ලෝකයක් අපි දකිනවා. ඒක මහ මුහුද වගේ ගැඹුරුයි. ඒක සරල ලෙහෙසි දෙයක් නෙමේ. හැබැයි සංකීර්ණත් නෙමේ. මගේ දුවගේ නම ජනනි චතුරිකා. දුව ඔස්ට්‍රේලියාවේ කාලයක් වැඩිදුර අධ්‍යපානය ලැබුවා. දැන් ලංකාවට ඇවිත් ඉන්නෙ. දුව එයාගෙ මව්පියන්ට මගේ මව්පියන්ට නෑදෑයන්ට හිතවතුන්ට හරි ආදරෙයි. එයා හොඳ දරුවෙක්. සිරිත් විරිත් ගුණධර්ම හැමදේම අපි එයාට කියලා දුන්නා. දුව මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන දරුවෙක්. අපි ලෝකෙ කොච්චර දුර ගියත් අපේ මුල අමතක කරන්න හොඳ නැහැ. මේ ජීවිතය බොහොම හරවත් විදිහට, බොහොම ගෞරවපූර්ව විදිහට සමාජයේ අන් අයට උදව් කරගෙන ජීවත් වෙන්න අපි හිතට ගන්න කියලා තමයි අපි දුවට කියලා තියෙන්නෙ. දුව ගැන මට ඇත්තටම ආඩම්බරයි.
 
දිශානි ජයමාලි
දේශය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top