2012 වසරේ දිල්ලි බස් රථයක තරුණියක් දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් ලොව පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුනා. එහි දූෂිතයින්ට මරණය දඩුවම් ලබාදිය යුතු බවට බොහෝ පිරිසක් අධිකරණයෙන්ද ඉල්ලා සිටියා.
කෙසේ නමුත් මේ වන විට එයට සම්බන්ධ වුනු දූෂිතයෙකුට විදෙස් මාධ්‍යකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මුකේෂ් සිං නැමති මෙම පුද්ගලයා අදාල වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ අතර ඔහු මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රියට නිවසින් පිටතට යන කාන්තාවන් එලෙස පිටවී ගොස් සල්ලාලයන්ගේ සිතට කාමුක සිතුවිල ගෙනදෙන්නේ නම් ඇය දූෂණයවීම පිළිබඳව වගකීම කාන්තාව දැරිය යුතු බවයි.
එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එලෙස දූෂණයට ලක්වන අවස්ථාවේදී කාන්තාව නිශ්ෂබ්දව සිටිය යුතු බවයි. එලෙස නොසිටීම හේතුවෙන් කාන්තාවන් ඝාතනය ලක්වීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
අදාල තරුණිය මෙලෙස මහමඟදී දූෂණය වී ඇත්තේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නරඹා නිවසට පැමිණෙමින් සිටියදීයි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් බවත් පසුව අනාවරණය වුනා.
දූෂණය කරන මොහොතේදී දූෂිතයින් සමඟ පොරබැඳීමට නොගියේනම් ඇයට මෙම සෝචනීය ඉරණම අත් නොවන බවත් පෙම්වතා හා ඇයට නිදැල්ලේ යාමට ඉඩ දෙන බවටත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඔහු මෙම ප්‍රකාශයෙන් අනාවරණය කිරීමට උත්සාහ කරන්නේ රාත්‍රී කාලයේ නිවසින් පිටව ගොස් වීදී සරන කතුන්ගේ චරිතය වෙනත් කාන්තාවන්ට වඩා වෙනස් බවත් එලෙස රාත්‍රියේ මහමඟ ගැවසෙන කාන්තාවන් දූෂණය කිරීම වරදක් නොවන බවත්ය. ඔහුගේ මතය එය බවත් අදවන තුරුත් එය නොවෙනස්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.