චින්ති සද්ද නැතිවම විවාහ වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. මෙයා විවාහවෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. ගිය අවුරුද්දේ ඔක්‌තෝබර් මාසයේ.
මෙච්චර කාලයක් චින්ති විවාහය හංගාගෙන හිටියේ ඇයිද කියන කාරණාවත් එක්‌ක ඔහුගේ බිරිඳ කවුද කියලා මේ වෙනකොට ඔහු කියලා තියෙනවා.
ආගමානුකූලව පවුලේ අයත් එක්ක පල්ලියේදී තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වෙලා තියෙන්නේ.
පවුලේ අය විතරක් මේ විදියට විවාහයට සහභාගී කරවාගන්න හේතුවෙලා තියෙන්නේ යාළුවෝ ගොඩාක් ඉන්න නිසා කියලයි චින්ති කියන්නේ.
ලස්සන ආදර කතාවකින් ආරම්භවෙලා තියෙන මේ විවාහය ගැන චින්තිගෙන් අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දීලා තියෙන්න මෙන්න මේ විදියට.
විවාහවෙලා ඇයි මෙච්චර කාලයක් හංගාගෙන හිටියේ ?
මාධ්‍යයෙන් ඇහැව්වහම මට පෙම්වතියක් ඉන්නවා කියලා කිව්වා. ඒ ගැන ඉදිරියේදී දන්වන්නම් කියලත් කිව්වානේ. ඔන්න දැන් තමයි ඒක දන්වන්නේ.
ඇයව මාධ්‍ය ඉදිරියට නොගෙනෙන්න වෙන විශේෂ හේතුවක් තිබුණාද?
එහෙම දෙයක් නැහැ. අපි විවාහ වෙන්න සැලසුම් කළේ මේ අවුරුද්දේ. අන්තිමේ කොහොම හරි ගිය අවුරුද්දේ විවාහ වුණා. මේක මගේ පෞද්ගලික ජීවිතය. මම කැමැති නැහැ ඒක ඕනෑවට වැඩිය මාධ්‍ය ඉදිරියට ගෙන එන්න. මොකද මම සංගීතය කරන හින්දා ඒ පැත්තෙනුත් මාධ්‍ය ඉදිරියට ඇවිත් තිබෙනවානේ. ගොඩක් කට්‌ටිය පුදුම වුණා. මම ලොකු විවාහ උත්සවයක් නොගත්ත එක ගැන. මම ගොඩක් වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලැබීම ගැන.
ඇගේ විස්‌තර ටිකකුත් කියමු නේද?
ඇගේ නම එඩ්නා මරීයා. ඇය ඉපදුණේ හැදුණේ වැඩුණේ ඉතාලියේ. හැබැයි ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි ඉන්නවා.
මේ ප්‍රේම කතාවට කොච්චර කාලයක් වෙනවාද?
අපි හඳුනාගෙන අවුරුදු දෙකක් විතර වෙනවා. එයා මගේ රසිකාවියක්. ඊට පසුව ඇය මගේ හොඳ යෙහෙළියක් බවට පත්වුණා. අන්තිමේ ආදරවන්තිය වෙලා බිරිඳ බවට පත්වුණා.
ඇගේ වෘත්තිය ?
ඇය ඇඳුම් නිර්මාණ ශිල්පිණියක්.
ඇගේ දකින විශේෂම ගතිගුණය?
කරුණාවන්තකම.
චින්ති අන්තිමේ රසිකාවියක් කසාද බැඳගත්තානේද?
අනිවාර්යයෙන්ම. ඇය මගේ හොඳම රසිකාවියක්. ඒ වගේම ඇය මට හොඳ සහයෝගයක් ලබාදෙනවා.
මේ ඔබේ පළමු ආදර කතාවද?
පැහැදිලිවම. මරීයා මගේ පළමු ආදර කතාව.
චින්තිගැන ඔහුගේ පෙම්වතිය කියපු කතාව
චින්තිව මුලින්ම කොහෙදිද දැක්‌කේ ?
හලාවත පැවැති ප්‍රසංගකදී තමයි දුටුවේ.
එදා මොකද ඔහු ගැන හිතුණේ ?
මම ඔහුගේ හොඳ රසිකාවියක්. ගොඩක් ආසා හිතුණා.
එදා හිතුවාද ඔයා චින්තිගේ බිරිඳ වේවි කියලා?
නැහැ. මම කවදාවත් හිතුවේ නැහැ. හැබැයි ඔහුගේ රසිකාවියක් විදිහට කතාකරන්න මට ලොකු ආසාවක් තිබුණා.
කවුද මුලින්ම ආදර යෝජනාව ගෙන ආවේ ?
චින්ති.
ඔයා එක පයින්ම කැමැති වුණාද?
ඔව්.
ඔහු ගැන හොඳ විශ්වාසයක් තිබුණාද?
අපි ටික කාලයක් හොඳ මිතුරන් විදිහට ආශ්‍රය කළා. ඒ වෙලාවේ මට තේරුණා ඔහුට හොඳ ගතිගුණ තිබෙනවා කියලා. මම ඔහුට කැමැති වුණේ ගායකයෙක් හින්දා නෙමෙයි. ඔහු සැබෑ ලෝකයේ ජීවත්වෙන හරිම සාමාන්‍ය විදිහට. ඒකට මම කැමැතියි.
ඔහුගේ ජනප්‍රියත්වය ඔයාට කොහොමද දැනෙන්නේ ?
එයා කොච්චර ජනප්‍රිය වුණත් මගේ සැමියානේ. ඔහුගේ ජනප්‍රියත්වයට වඩා ඔහුගේ ආදරය මට වටිනවා.
චින්ති තනියම ප්‍රසංගවලට යනවාට ඔයාගේ විරුද්ධත්වයක් නැතිද?
අපොයි ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ.
මරීයා සොයපු කෙනා ලැබුණා කියලා හිතනවාද?
ඔව්. මම සොයපු කෙනා ලැබුණා.
චින්ති ආදර යෝජනාව ගෙන ආපු වෙලේ මොකද හිතුණේ?
හිතාගන්න බැරිව ගියා ඇත්තටමද මේ අහන්නේ කියලා.
.jpg)
දිනේෂ් විතාන