ජනප්‍රිය නිළි නතාෂා පෙරේරා පෙම්වතියක් කියන එක ඔබ මුලින්ම දැනගත්තේ හිරු ගොසිප් හරහා. නතාෂාගේ පෙම්වතා කවුද කියලා අපි දැනගෙන හිටියත් ඒ ගැන දැන්මම කියන්න එපා කියලා ඒ දෙන්නාම අපෙන් ඉල්ලීමක් කලා. හැබැයි ඒ ගැන ඉස්සෙල්ලාම හිරුට කියනවා කියලත් ඔවුන් පොරොන්දු වුනා.
ඒ අනුව මෙච්චර කාලයක් ප්‍රසිද්ධ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂාගේ ආදර කතාව ගැන කතා කරන්න ඔවුන් තෝරගෙන තියෙන්නේ අද දවස.
ළමා නිළියක් හැටියට ක්ෂේත්‍රයට ආපු නතාෂා විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගයනා කල ‘‘සුඟලක් වී මං එනවා‘‘ ගීතයෙන් ගායිකාවක් වුනා. හැබැයි ඇගේ ජීවිතයේ විශේෂ වෙනසක් සිදුවුනේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් එක්ක ගායනා කරපු යා‘‘යට පායනා‘‘ ගීතය නිසා. මොකද මේ ගීතය නිසා දැන හඳුනගත්ත ප්‍රිහාන් හා නතාෂා යාලුවෝ වුනා.
ඊට පස්සේ හොඳම යාලුවෝ වෙලා අන්තිමේදී පෙම්වතුන් බවට පත්වුනා. ඒ මීට වසර 4ට කලින්. ඉතිං මේ සුන්දර ආදර කතාව ගැන ප්‍රිහානුයි නතාෂයි ලෝකෙටම කියන්න හදන්නේ ආදරණීය ගීතයකින්. මේ දෙන්නාගේ ආදර කතාව ගැන කීවා වගේම ඒ ආදරය වෙනුවෙන් නිර්මාණය වුනු ගීතයත් ඔවුන් ඉස්ඉස්සෙල්ලාම ගෙනත් දුන්නේ හිරුට.
නතාෂා මේ ගැන දැක්වූ අදහස්...
ප්‍රිහාන් මේ ගැන දැක්වූ අදහස්...