මේ අතර, ජීවිත කැප කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් හෙට පස්වරුවේ සාමයේ පහනක් දල්වා ඔවුන් ස්මරණය කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියළු මහජනතව වෙතින් ඉල්ලීමක් කරනවා.
මේ අනුව ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන, සියළු නිවෙස් මෙන්ම ත්‍රිවිධ හමුදා කදවුරු හා පොලිස් ස්ථාන තුළ හෙට රාත්‍රී 7ට මෙලෙස පහනක් දල්වන ලෙසටයි ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.
මේ අතර, හෙටට යෙදෙන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබෙනවා. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.
ඊට අදාළ ලිපියට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තැබූ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.