ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වුවත් අවසන් මහා තරඟයේදී මාලිංග කළ විප්ලවය ගැන විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයන් ද වැඩි වශයෙන් කතා බහ කරනවා.
ඒ වගේම තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත් ශර්මා මාලිංග ගැන මෙවන් අදහසක් පළ කර සිටියා.
"මාලිංග කියන්නේ මම දැක්ක හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා. ඔහු මේ අවසන් පන්දුවාර යවලා හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. මම හිතන්නේ මිලියන ගානක් මේ වගේ අවස්ථා තියෙන්න ඇති. පන්දුවට පහරදුන් ක්‍රීඩකයා ගැනත් මා දන්නවා ඔහුත් කලින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඉතින් අපි කැමති වුණේ නෑ සුපිරි පන්දුවාරයට යන්න. මාලිංග සහ මම තීරණය කළා වේගය අඩු කරලා යෝකර් පන්දුවක් දමන්න. මොන දේ වුණත් එහෙම කරමු කියලා අපි දෙන්නම තීරණය කළා. අවසානයේ මාලිංග එය හරියටම කළා අපි ජයගත්තා."
ඒ වගේම ඔහු මහේල ගැනත් මෙලෙස අදහස් පළ කළා.
"මහේල ගැන කතා කරන්න දෙයක් නෑ මම ඔහුට ගරු කරනවා මම දැකපු හොදම මොළකාරයා ඔහු කිව්වොත් නිවැරදියි. ඔහු ඉදිරියටත් මුම්බායි පුහුණුකරු ලෙස ඉදියි. අපේ ජාතික කණ්ඩායමත් ඔහුට පුහුණුකාරිත්වය ලැබුනොත් මම හිතන්නේ එහෙනම් අපිට තරග ජය ගන්නවා කියන එක පහසු වෙයි."
'මව්බිම'