Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
01
"නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගැලෙව්වා..ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා" අනියම් පෙමක පැටලී ගැබිණි මවක් මරා දැමූ ඝාතකයා සියල්ල වමාරයි - Photos

- "නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගැලෙව්වා..ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා" අනියම් පෙමක පැටලී ගැබිණි මවක් මරා දැමූ ඝාතකයා සියල්ල වමාරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ඇඟළුම් කම්හලක සිකුරිටි කාන්තාවක්..
ඇදුම් ගිනි තියලා නිත්‍යකලාගේ යතුරුපැදිය අරගෙන ගෙදර ආවා..

කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.


කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාව ඇඟළුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක අංශයේ රාජකාරි කර ඇති අතර සැකකරු එම කර්මාන්ත ශාලාවේම පරීක්ෂක නිළධාරිවරයා ලෙස සේවය කර ඇති බවයි.

එහිදී දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් හටගෙන ඇති අතර එම සම්බන්ධය මත අදාල කාන්තාවට සැකකරුගෙන් දරුවෙකු පිළිසිදගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාල කාරණය කාන්තාව විසින් සැකකරු වෙත පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ අදාල කාන්තාවට තමන්ගෙන් දරුවෙක් ලැබීමට ඇති බවට ඇය පැවසූ බවත් එහිදී තමන්ව විවාහ කරගන්නා ලෙසට ඇය තමන් වෙත පැවසූ බවයි.

කෙසේ වෙතත් තමන් විවාහකයෙකු වීම හේතුවෙන් එලෙස විවාහයක් සිදුකර ගැනීමට නොහැකි නිසා දෙදෙනාම සියදිවි හානිකර ගැනීමට තීරණය කළ බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ අනුව පසුගිය 28 වනදා අදාල කාන්තාව සමඟ සියදිවි හානිකර ගැනීමේ අරමුණින් කාන්තාවගේ යතුරුපැදියෙන් කිලිනොචිචිය, අම්බාල්කුලම් වැව පිහිටි ප්‍රදේශයට දෙදෙනාම ගිය බවයි සැකකරු පාපොච්ච්රණය කර ඇත්තේ.

අනතුරුව එහිදී තමන් විසින් කාන්තාව ගෙළ දමාගෙන සිටි ආරක්ෂක රාජකාරි හැදුනුම්තේ පටිය ආධාරයෙන් ගෙල සිරකර ඇයව ඝතනය කළ බවට සැකකරු පවසා තිබෙනවා.

සැකකරු සිදුකළ අපරාධය පොලිසිය හමුවේ වැඩිදුරටත් පපොච්ච්රණය කර ඇත්තේ මෙලෙසින්.

"නිත්‍යකලා ඇඳගෙන හිටපු  ඇදුම්වලින් මිනිය අදුරගනියි කියලා නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගලවලා, නිත්‍යකලාගේ අත් බෑගය, ඇදුම් හා ජංගම දුරකතනයයි යතුරුපැදියයි අරගෙන මිනිය කුඹුර මැද තියලා මම එන්න පිටත්වුණා. එහෙම එනකොට අත්බෑගය අම්බාල්කුලම වැවට දැම්මා. දාලා ජංගම දුරකථනය වෙනත් තැනකට විසි කරලා, ඇදුම් ගිනි තියලා මම නිත්‍යකලාගේ යතුරුපැදිය අරගෙන ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා. ඒත් මගේ දරුදෙන්නා මතක් වුණ හින්දා ඒ තීරණය අතහැරියා. ඒත් මගේ නෝනා ඇහුවා මෝටර් සයිකලය කාගෙද කියලා. මම කිව්වා යාළුවෙක්ගේ කියලා. එහෙම ඉන්නකොට තමයි මම අහුවුණේ."

මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාව ඝාතනය කර තිබියදී ඇයගේ සිරුර කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී පසුගිය 29 වනදා සොයා ගැනුණා.

මෙලෙස සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ ගෙල කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකර සිදුකළ ඝාතනයක් බවටයි.

මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් බවටද අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පොලිසිය පැවසුවේ වැවේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඇති අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ බවයි.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (31)  කිලිනොච්චිය, මුරුකන්ඩි ප්‍රදේශයේදී සිදු කෙරුනා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top