අරමුණක් නැතිවුණාම ජීවිතේ අයාලේ යනව වැඩියි තමයි. එහෙම හිතන් උන් එකම අත්තක වහනවා. හරියට එකම රෑනක කුරුල්ලෝ වගේ.
කුරුල්ලොත් නොහිතපු වෙලාවක දැල්වලට උගුල්වලට අහුවෙනවා. ඒ හින්දා තමයි යන එන තැන් ගැන අවධානෙන් ඉන්න කියලා කියන්නේ.
කුරුල්ලෙක් වගේ හිටපු තරුණයෙක්ට සිදුවුනු අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක් තමයි මේ.
ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 40 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
මේ කතාව සම්පත් ගැනයි.
සම්පත් වෘත්තියෙන් කළේ ත්‍රීවිල් රස්සාව. සම්පත් ජීවත් වුණේ අම්මත් එක්ක. අයියයි අක්කයි විවාහ වෙලා වෙනම තමයි ජීවත් වුණේ. ඒ වගේම ඔහුට ලස්සන පෙම්වතියක් හිටියා මදූ කියලා.
ත්‍රීරෝද රථය ලැබුනට පස්සෙ තමයි සම්පත්ගේ ජීවිතය වෙනස් වෙන්න ගත්තේ. පාක් එකේ හිටියෙත් සම්පත්ගේ පොඩි කාලේ යහළුවෙක්.
කොහොම වුනත් මදූ නිතරම කිවුවේ සම්පත්ට ඉක්මනට විවාහ වෙමු කියලයි. ඒත් සම්පත් කිවුවේ පිළිවෙලක් වුනාම මැරි කරමු කියලයි.
රස්තියාදුකාර ජීවිතයක් ගතකරපු සම්පත්ට දවසක් වෙනත් තරුණියක් මුණගැහෙනවා. ඒ රෑක ත්‍රීවිල් එක දුවන අතරතුරයි.
ඇය රාත්‍රී සමාජ ශාලාවලට යන ලස්සන තරුණියක්. මේ තරුණිය සමග හිතවත්වෙන අතරතුරම ලිංගිකව එක්වෙන්නත් අවස්ථාවක් සම්පත්ට ලැබෙනවා.
පසුව සම්පත්ගේ මේ අනියම් සම්බන්දය ගැන පෙම්වතිය දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි සම්පත් අතර මගදි ජීවිතයට ආපු කෙල්ලගේ සම්බන්දය නිසාම සමාජ රෝගයකට ගොදුරුත් වෙනවා.
අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
සම්පත්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...
VIDEO