ගයන්ත විජේරත්න කාලයක් මේ රටේ ජනප්‍රියම තරුවක්. නමුත් ඔහු දැන් නිහඬයි. ඔහුගේ අලුත් නිර්මාණ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු ගැයූ ‘රවුම් කඩේ’, ‘සුදු පාට මල් වැටුණු’ වැනි ගීත අදටත් ජනතාව අතරේ රැදී තිබෙනවා. මේ ඔහු ගැන පුවත්පතක සදහ වූ ලිපියක්.
මොනවද ඉතින් අලුත් තොරතුරු?
මේ දවස්වල නම් රියැලිටි තරග එක්ක තමයි කාලය ගතවෙන්නෙ.
සින්දු කියලා එපාවෙලාද දැන්?
එහෙම නෙවෙයි, අපේ ස්ටූඩියෝ එකේ ගොඩක්ම අපි කළේ ටීවී කමර්ෂල්. ඉතින් දැන් දැන් ගොඩක් දෙනෙක් බණින්න පටන්ගෙන තියෙනවා ඇයි සින්දු කරන්නේ නැත්තේ කියලා. කොහොමත් මං කලින් අවුරුදු එකහමාරක් විතර අරන් එක සින්දුවයි කළේ. හැබැයි දැන් අවුරුද්දකට සින්දු තුනක් වගේ කරන්න සූදානමක් තියෙනවා.
ඒ කියන්නෙ ළඟදීම ආයෙත් සින්දුවක් අහන්න පුළුවන් වෙයි නේද?
අනිවාර්යයෙන්ම. තව මාසයක් වගෙ වෙනකොට අලුත් සින්දුවක් අහන්න ලැබෙයි.
ඇයි කාලයක් නිහඬ වුණේ?
නිහඬ වුණා නෙවෙයි, එහෙම වෙන්න සිද්ධ වුණා මේ යන රැල්ල නිසා. එකම වචන ටික වෙනස් කර කර එකම මෙලඩියකට, සරල වීඩියෝ හදලා අඬන රැල්ලක්නෙ තිබුණෙ. ඉතින් එතැනදි මගේ තිබුණු කාර්යබහුලත්වය එක්ක මම නිහඬ වුණා.
හැබැයි ඔබ ඔහොම කීවට තරුණ පිරිස් ඒ වටා එකතු වුණා නේද?
ඔව්, මුල් කාලෙ එකතු වුණා. හැබැයි දිගටම අඬන්න ගන්නකොට ටික ටික ඒක මිනිස්සුන්ටත් එපා වුණා. දැන් මං පෞද්ගලිකව දන්නවා බහුතර තරුණ පිරිස් සුභාවිත ගීතයටයි ආදරේ කරන්නෙ.
ඒ කියන්නේ ඔබ රැල්ලට නෙවෙයිද සින්දු කියන්නේ?
පැහැදිලිවම නෑ. හැමෝම රැල්ලට එකම දේ කරද්දි මම කරන්නෙ ඊට විරුද්ධව යන දෙයක්. හැමෝම මෙහෙමයි කියලා මමත් එහෙම නොවී මගේ හැඩයටයි මම නිර්මාණ කරන්නෙ.
එතකොට ඔබව අමතක වෙලා යයි කියලා හිතුණෙ නැද්ද?
තාම ඉන්නවා ‘රවුම් කඩේ’, ‘දෑස කී කතා’, ‘සුදු පාට මල් වැටුණ’, ‘රෑ අහසේ’ අහන, රසවිඳින පිරිසක්. ඉතින් මට එහෙම බයක් නෑ මාව මිනිස්සුන්ට අමතක වෙයි කියලා.
රවුම් කඩේ නිසා උපේක්ෂා ස්වර්ණමාලි ගොඩක් මතක හිටිය චරිතයක් වුණා. ඇය අද ලබන ජනප්‍රියත්වයයි ඔබ ඉන්න තැන ගැනයි මොකද හිතෙන්නේ?
ජනප්‍රියත්වය කියන්නෙ ණයට දෙන දෙයක්නෙ. මිනිස්සු තමයි ඒ ණය අපිට දෙන්නේ. ඉතින් කාලෙ ආවම ආයෙත් ඒක දෙන්න වෙනවා තවත් කෙනකුට. කවුරු කොහොම ජනප්‍රිය වුණත් ඊර්ෂ්‍යාවකින් තොරව මිනිස්සු ඒ දෙන දේ ගැන සතුටු වෙන්න මට පුළුවන්.
ඔබත් වීඩියෝවෙන් ජනප්‍රිය වෙන්නද නිර්මාණ කරන්නේ?
ඉස්සර වගේ නෙවෙයි අද මිනිසුන්ට රසවින්දනයේ මාර්ග, මාධ්‍ය ඕන තරම් තියෙනවා. හැබැයි ලෝකයේ සංගීතය රැඳිලා තියෙන්නෙ වීඩියෝ එකක් ඇතුළෙ නෙවෙයි. අඩුම තරමේ වචනයක්වත් නොකියා පැය ගාණක් සංගීතයෙන් විතරක් මිනිස්සුන්ව ඇද බැඳ තියාගන්න සංගීතය සමත්වෙලා තියෙනවා. හැබැයි රසිකත්වය අනුව ඒ රස සංගීතයට, වචනවලට, වීඩියෝවට බෙදිලා යනවා.
ඔබේ ගීත අදටත් ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද?
සංගීතය ගැන මාත් එක්ක කතා කරනකොට දැනට අවුරුදු දහයකටත් එහා මම කරපු නිර්මාණ ගැනයි කවුරුත් කතා කරන්නෙ. විශේෂම හේතුව ඒ යුගය කියලයි මම හිතන්නේ. මොකද යූ ටියුබ් තරගයක්වත්, රිගින් ටෝන් තරගයක්වත් නොතිබුණ යුගයකයි මම නිර්මාණ කළේ.
‘ගයන්ත’ කියන ගායකයාගේ අනන්‍යතාව මොකක්ද?
‘හඬ’ තමයි මගේ හැඩය. සද්දෙ දාලා කෑගහලා, අඬනවට වඩා අපේකම, අපේ නිර්මාණවලට නව තාක්ෂණය එකතු වුණාම හරි වටිනවා.
එදා වගේම අදත් ඔබට ප්‍රතිචාර ලැබෙනවාද?
දැන් නම් හැමෝම වගේ බණිනවා ඇයි මේ සින්දු කියන්නෙ නැත්තෙ කියලා. ඉතින් මම විදේශගත වෙලා හැදෑරුවා පහුගිය ටිකේ. ඉස්සරහට ඒවයේ ප්‍රතිඵලත් එක්ක අලුත් නිර්මාණ රසවිඳින්න පුළුවන්.
හැමෝම යන්න හදන දබඥපදචබඪධදචත ඹ්ඥමඥත එක ගැන ඔබේ අදහස මොකක්ද?
පිටරට හැඩය කොපි කරලා නම් ජාත්‍යන්තරයට යන්න හදන්නෙ ඒක අසාර්ථකයි. ඉතින් අර ඉස්සර ගමේ තිබුණු හුවමාරු රටාව ලෝකෙට ඇවිත් අපි ලෝකෙ එක්ක හුවමාරු වෙලා තාක්ෂණයත් එක්ක අලුත් දෙයක්, අලුත් ගමනක් යනවා නම් තමයි වටින්නෙ. මොකද සුද්දෝ ලංකාවට ඇවිත් සීගිරිය, පොළොන්නරුව බලනවා මිසක් එයාලා අපිට හදලා දුන්නු ඩෑම් ටික, රේල් පීලි ටික නෙවෙයිනෙ බලන්නෙ. එහෙනම් සංගීතෙනුත් අපි ඒ වගේ වටිනාකමක් තමයි හදාගන්න ඕන.
ඔබ නළුවෙක් නේද?
ඔව්, රඟපාන්නත් අවස්ථා ලැබෙනවා. හැබැයි රංගනය මට නුහුරු දෙයක්. ඉතින් නොදන්න රංගනයට වඩා දන්න සංගීතය තමයි මට පහසු සහ මිනිස්සු මාව දන්නෙත්