වන්දනාව එහෙමත් නැති නම් චාරිකාව කියන්නේ හිත නිදහස් කරන ක්‍රියාකාරකමක්.
වන්දනාවේ යන්න විනෝද ගමනක් යන්න හැමෝම කැමතියි. ඒ විදිහට රට වටේම විනෝද චාරිකා යන පිරිසක් අපිට මුණ ගැහුණා.
ඔවුන් තමයි " වන්දනාකරුවෝ"
මේ වන්දනාකරුවෝ ඇරඹෙන්නේ හරියටම 2014 සැප්තැම්බර් මස රේල් පාර දිගේ දවස් හයක් කිලෝ මීටර් 104 ක් පයින්ම ගෙවා දැමූ අති දුෂ්කර වගේම අතිශය සුන්දර ගමනක නිමාවක් විදිහටයි.
ඒ, මේ වෙනස්ම විදිහේ වන්දනාකරුවන්ගේ හිතට ආපු හිතුවක්කාර සුන්දර අදහසක් අනුවය.
පීලි දෙකක් උඩ දවස් හයක් කියලා නම් කරපු මේ වන්දනාවේ අද්දැකීම්, දුෂ්කරබව, සුන්දරත්වය, එමටය.
මේ හැම වන්දනා ගමනකටම අර්ථයක් අරමුණක් වගේම අවසානයක් ඔවුන්ට තියෙනවා.
අද හුඟක් අය වන්දනා ගමනක් යන්නේ කෑම බීම සුවපහසු නවාතැන් පහසුකම් ආදී කාරණා සොයාගෙන වුවද මේ වන්දනාකරුවන් එයින් මිදිලා සරල අවශ්‍යතාවන් සහිත වන්දනා ගමන් සංවිධාන කිරීම විශේෂත්වයක්.
පයින්ම ගිය වන්දනාව අද ඔවුන් වෙනස්ම විදිහට වෙනස් කරලා.
ඒ තමයි ක්ලැසික් ස්කූටර්වලින් තම වන්දනාව සිදුකිරීම.
මොවුන්ගේ විශේෂම වන්දනාව තමයි ජීවිතයට අරුතක් සොයා වන්දනාකරුවෝ චාරිකාවයි.
මොවුන්ගේ හැම වන්දනා චාරිකාවකටම අරුතක් තියෙනවා වගේම මෙයටත් තියෙන්නේ වටිනාම වෙනස්ම අරුතක්.
ඒ තමයි ඉගෙනීමට ශක්තියක් අවැසි දූ දරුවන් වෙනුවෙන් ඉගෙනීමට අවශ්‍ය උපකරණ ආදියෙන් ශක්තියක් වීමයි.
"දයාබර නංගියේ මල්ලියේ දිරියෙන් උගෙන ලොවක් දිනන්නට මේ පුංචි තෑග්ග ශක්තියක්ම වේවා"මේ වන්දනාකරුවන්ගේ පැතුමයි.
මොවුන්ගේ තවත් වෙනස්ම චාරිකාවක් තමයි "ද සරම් චාරිකාව - දූපතෙන් දූපතට"
මේ චාරිකාවෙන් ඔවුන් ඩෙල්ෆ් දූපතට යන්නේ තරුණ පරපුර විසින් අද අයින් කරලා තියෙන සරම ඇඳගෙන වීම විශේෂත්වයක්.
එහි තවත් විශේෂත්වයක් තමයි දූපතෙන් දූපතට ඔවුන් ගමන් කිරීම.
අපෙන් පසු පරපුරක් මේ සංකල්පය රැගෙන යාවි. ලෝකය වෙනස් විදිහට දකීවි.
වෙනස් ආකල්පයක් ලොවට ගෙනයාවි.
කෙසේ හෝ හොඳ සමාජයක් වෙනුවෙන් කැප කළ කාලය ගැන තරුණයන් ලෙස අපි නිහතමානීව සතුටු වෙනවා.
අපි කාලය වේලාව මිල මුදල් රස්තියාදුවෙන් නාස්ති කළේ නැහැ.
අපි ගියේ මනුස්සකම් හොයාගෙන. දවසක ඒ දිහා බලලා අපි සතුටු වෙනවා.
මේ අය කණ්ඩායම් විදිහට ලංකාවේ වටේට විනෝද චාරිකා යනවා. " මේ වන්දනාකරුවන්ගේ පිවිතුරු සිතුවිල්ලයි.