රිතූ ආකර්ෂා කියන්නේ නමේ හැටියටම ආකර්ශනීය චරිතයක්. මේ දිනවල බොහොම ජනප්‍රිය නිළියක් වන රිතූ ආකර්ෂා තාමත් විවාහ වෙන්න හිතලා නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ. සති අන්ත පුවත්පතකට රිතූ එයාගේ ආදරවන්තයින් ගැන කියලා තිබුනේ මේ විදිහට.
රිතූ මේ දවස්වල හුඟක් කාර්යබහුලයි වගේ නේද ?
ඔව්. මේ දවස්වල ටිකක් විතර බිසී. මේ දවස්වල අලුත් ටෙලිනාට්‍ය හතරක් විතර රූගත කරනවා. ඒ නිසා හැමදාම වැඩ තියෙනවා. ඒ නිසා ටිකක් විතර විවේකය අඩුයි. ඔයාලට විතරක් නෙමෙයි මේ දවස්වල අපේ ගෙදර මිනිස්සුන්ටත් මාව දකින්න ලැබෙන්නේ කලාතුරකින්.
නිතර පේන්නේ නැති වුණාම ගෙදර කට්ටිය දොස් කියන්නේ නැද්ද ?
අපෝ නෑ. මම ගෙදර නැතිවෙන තරමටම ගෙදර මිනිස්සු කැමතියි. මොකද මම ගෙදර ඉන්නකොට රණ්ඩු වෙනවා. ඒ නිසා ගෙදර නැත්නම් රණ්ඩු නැහැ.
රිතූ හිතන විදිහට රඟපෑම ලේසි රස්සාවක්ද..?
රඟපෑම කියන්නේ මම දැකපු අමාරුම රස්සාව. දෙබස් මතක තියාගන්න ඕන. ලයිට් ගැන බලන්න ඕන. ඒ වෙලාවට හරියටම ගැලපෙන මූඩ් එක දෙන්න ඕන. ඒ නිසා හරි අමාරුයි ටිකක්. ඒත් මම හිතනවා රඟපෑම තමයි ලෝකේ වාසනාවන්තම රස්සාව.
ඇයි ඒ ?
පැය 8ක් කරන රස්සාවකට වඩා මම හරි තෘප්තියෙන් රඟපෑම කරනවා. මිනිස්සු අපිට ආදරය කරනවා. එතකොට පුදුම සතුටක් දැනෙන්නේ.
හැබෑ ජීවිතයේදිත් රිතූ රඟපානවද ?
අපොයි ඔව්. අනන්තවත් රඟපානවා. වැඩිපුරම රඟපාන්නේ අම්මා ඉස්සරහදී.
රිතූ ගෙදරදී රඟපාන්නේ ඇයි ?
ෂූටින් ගිහින් ආවාම මම බොරුවට මහන්සි වගේ රඟපානවා. එතකොට අම්මා හැමදේම අතට පයට ගෙනත් දෙනවා. සැලකුම් ලබාගන්න ඕන උනාම ඉතින් මම රඟපානවා. ඒ වගේම බිසී ලයිෆ් එක ඇතුලේ මිනිස්සුන්ගේ හිත් රිද්දවන්නේ නැතුව ඉන්න බොරු කියන්න වෙනවා. රඟපාන්න වෙනවා. මම විතරක් නෙමෙයි හැම නිළියක්ම එහෙම කරනවා.
පාර තොටේ යනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවද ?
ඔව්. ලංකාවේ නිළියෝ කොයි තරම් ඉන්නවද. ඒත් නම කිව්වම දන්න නිළියෝ ඉන්නේ ටික දෙනයි. ඒ කිහිප දෙනා අතරේ මම ඉන්නවා කියලා මම දන්නවා.
කලා ක්ෂේත්‍රයේදී රිතූට ලැබෙන ගෙවීම් කොහොමද ?
හොඳයි. මට නම් මම ඉල්ලන ගාන ලැබෙනවා. හැබැයි ඉතින් දවස් දෙකක වැඩ එක දවසින් කරන්න ඕන අයත් ඉන්නවා.
අද කාලේ නිළියන්ට ඉස්සර නිළියන්ට වගේ රඟපාන්න බැහැ කියන්නේ ඇත්තද ?
මොකද බැරි ? රඟපෑමට ගෙවීම මීට වඩා හොඳ වෙනවානම් මීට වඩා දක්ෂයෝ කලාවට එනවා. සැපයුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුමට ලැබෙන මිල අනුවයි.
හුඟක් නිළියෝ රඟපෑමට අමතරව ව්‍යාපාර කරනවා. රිතූත් එහෙමද ?
ව්‍යාපාර පටන් ගන්න ඕන කියලා මම හැමදාම හිතනවා. මොකද මම දන්නෙ නැහැ මගේ මාකට් එක කවදා වෙනකල් පවතීවිද කියලා. ඒ නිසා මේ ස්ථාවරව ඉන්න කාලේදිම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. තවම කරගන්න බැරි වුණේ කාර්යබහුල වැඩි නිසයි. මම මොන විදියේ ව්‍යාපාරයක් පටන් ගනීවිද කියලා මමවත් දන්නේ නෑ.
රිතූ ලැබෙන හැම චරිතයක්ම භාරගන්නවද ?
අපෝ නැහැ. මම රඟපාපු ප්‍රමාණයට වඩා ප්‍රතික්ෂේප කරපු චරිත ප්‍රමාණය වැඩියි.
රිතූ කාටහරි ආදරේ කරනවාද ?
ඔව්.
කාටද ?
ගෙදර අයට. යාළුවන්ට, නෑදෑයොන්ට ඒ වගේම මගේ ප්‍රේක්ෂකයින්ට.
එතකොට අර දේශපාලන පෙම්වතාට ආදරේ නැද්ද ?
ඒ කවුද ? මම දන්නෙ නෑ ඒ කවුද කියලා.
තවම පෙම්වතෙක් නෑ කියලද ඔය කියන්න යන්නේ ?
ආදරේ කරන්න මට එක්කෙනෙක් නෑ හුඟ දෙනෙකුට මම ආදරේ කරනවා. ඒ මගේ හිතවතුන්ට.
ඇත්ත කිව්වොත් ජනප්‍රියකම අඩු වේවි නේද ?
නැහැ. මට විවාහයක් ගැන හිතන්න තරම් හොඳ කෙනෙක් තාම හමුවෙලා නැහැ. එහෙම කෙනෙක් හොයන එක නොමළ ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්.
විවාහය ගැන තියෙන සැලසුම් මොනවද ?