ඒ වෙන මුකුත් නෙවෙයි, ඒ අසලින් දිවෙන ප්‍රධාන මහා පරිමාණ ජල සැපයුම් නලයක් එකපාරටම පුපුරා ගිහින්! මේ හදිසි බිඳ වැටීමත් එක්ක මුළු පළාතටම වතුර සපයන සිස්ටම් එකම අවුල් වෙලා තියෙනවා කියලා තමයි ආරංචිය.
මේ හේතුව නිසා මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අද (19 වැනිදා) පෙරවරුවේ ඉඳන්ම වතුර කැපිලා තියෙන්නේ.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයෙන් රහසින් නෙවෙයි, නිල නිවේදනයක් නිකුත් කරමින්ම කියන්නේ මේ වැඩේ ගොඩදාන්න සෑහෙන වෙලාවක් යයි වගේ කියලා. අද දවස විතරක් නෙවෙයි, හෙට (20 වැනිදා) පෙරවරු 8.00 වෙනකම්ම මේ ජල කප්පාදුව දික්වෙනවාලු! ඒ කියන්නේ පැය 24කට කිට්ටු කාලයක් වතුර බිඳක්වත් නැතුව ඉන්න සිද්ධ වෙනවා.
ඉතින් මහර සහ ගම්පහ පැත්තේ ඉන්න ඔයාලා තාමත් වතුර ටිකක් එකතු කරගත්තේ නැත්නම්, ළඟ තියෙන ළිඳක්, පීල්ලක් හොයාගන්න නැත්නම් අද රෑටයි හෙට උදේටයි කරන්න වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි වෙයි! ඉක්මනටම මොනවා හරි කරගත්තොත් ඇඟට ගුණයි!