අද (10) දවස කවිර්ණාට හරිම සුවිශේෂී දවසක් වෙලා තියෙනවා.
ඒ ඇයි කියලා දන්නවාද? කවිර්ණා මේ තරම් දුරක් එන්න ඇගේ සෙවනැල්ල වගේ ඉඳගෙන ශක්තියක් වුණු ඇගේ ආදරණීය අම්මාගේ උපන්දිනය අදට යෙදී තිබීමයි.
කවිර්ණාගේ හැම කලා කටයුත්තකදීම පස්සෙන් ඉඳලා ඇයට මඟ පෙන්වන අම්මා වෙනුවෙන්, අද දවසේ කවිර්ණා ආදරණිය පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා. විශේෂයෙන්ම අද වැනි "ලෝක මව්වරුන්ගේ දිනය" දවසකම අම්මාගේ උපන්දිනයත් යෙදී තිබීම කවිර්ණාට තවත් ලොකු සතුටක් වෙලා.
ඔයාලත් බලන්නකෝ මේ ලස්සන පින්තුර එකතුව කොහොමද කියලා...
