"අස්වැසුම" සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් විශාල සංඛ්‍යාවකට පසුගිය අප්‍රේල් මාසය සඳහා හිමිවිය යුතු දීමනාව දෙවරක් ගෙවා ඇති බව ‘Free Lawyers’ සංවිධානය සඳහන් කරනවා.
එසේම තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබාදුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගිණුම්වලට බැර කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, මේ හරහා රුපියල් ලක්ෂ 5000කට (කෝටි 50) ආසන්න මුදලක් අතිරේකව ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ අනුව, අප්‍රේල් මාසයේදී අස්වැසුම ප්‍රතිලාභ ලැබිය යුතු පවුල් දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පිරිසකටයි මෙසේ අතිරේක මුදල් බැරවී ඇත්තේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ රජයේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස එම සංවිධානය කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ කොලින්වුඩ් පෙදෙසේ නිවෙසක් බිඳ එහි තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා මැණික් ගලක් ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයකු පසුගියදා දෙහිවලදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය සඳහන් කරනවා. වයස අවුරුදු 26ක් වන දෙහිවල මල්වත්ත පාරේ පදිංචි සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව ඇති අතර ඒ සඳහා මුදල් සොයා ගැනීමට සොරකමේ යෙදෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ සැකකරු අදාළ නිවසේ දේපළ සොරාගත් බවට නිවැසියන් එදිනම පොලිසියට පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව නිවෙසේ තිබූ රුපියල් කෝටි දෙකක් වටිනා මැණික් ගලක්, රුපියල් ලක්ෂ දෙකක් වටිනා අත් ඔරලෝසු 3ක් රුපියල් 50000ක් වටිනා පෙන්ඩනයක්, රුපියල් 1000ක් වටිනා ඉඳිආප්ප පිටි පැකට් දෙකක්ද සොරාගත් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පැවසුවා.
මේ පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශනයේදී සොරාගත් දේපළ රැගෙන සැකකරු මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවල දෙසට පලා ගිය ත්‍රිරෝද රථය සී.සී.ටී.වී. දර්ශනවලින් හඳුනාගෙන තිබුණා. එහි රියැදුරු මාර්ගයෙන් සැකකරු හා දෙහිවල මල්වත්ත පාරේ ඔහුගේ නිවෙස සොයා ගෙන සිදුකළ පරීක්ෂාවේදී එහි සඟවා තිබූ මැණික් ගල ඇතුළු දේපළ සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවා.