ගායනයට වගේම රංගනයටත් උපන් හපන්කම් දක්වන මාදවී, මේ දවස්වල වැඩියෙන්ම කාර්යබහුල වෙලා ඉන්නේ ඇගේ ජීවිතයට ලැබුණු වටිනාම සම්පත එක්ක. ඒ තමයි ඇගේ ආදරණීය පුංචි පුතා කෛලාෂ්.
පසුගිය දවසක මාදවී ඇගේ මුහුණුපොතට ඉතාමත් සුන්දර ඡායාරූප එකතුවක් එකතු කර තිබුණා. ඒ තමයි පුංචි කෛලාෂ් පැටියා පළමු වතාවට මුහුදේ නාන්න ගිය අවස්ථාව.සාමාන්‍යයෙන් පුංචි දරුවෝ පළමු වතාවට මුහුදු රළ පාගද්දී හරි, මුහුදේ නාන්න යද්දී හරි ටිකක් බය වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මාදවී කියන විදිහට නම් කෛලාෂ් පැටියා එහෙම නෑ.
"පළවෙනි පාරට මුහුදට එක්කන් ගියාට කෛලාෂ් නෑවේ නිකන් පුරුදු කෙනෙක් වගේ..."
ඇය ඉතාමත් සතුටින් පවසනවා. මුහුදු රළ දැකලා බය වෙනවා වෙනුවට, කෛලාෂ් මුහුදු රළත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ හරිම ආසාවෙන්.මාදවී පළ කරපු ඡායාරූපවලින් පේන විදිහට, කෛලාෂ්ගේ මුහුණේ තිබුණු ඒ අහිංසක හිනාව සහ පුදුමය දකින ඕනෑම කෙනෙකුගේ හිත සතුටින් පුරවනවා. ඇත්තටම එය පියකරු දසුනක්.
මේ ඡායාරූප පෙළට ඇගේ රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේත් ඉහළ ප්‍රතිචාරයක්.මාදවී වගේම ඇගේ සැමියා වන කසුනුත් මේ මොහොතේ පුතුගේ සතුට දෙස බලා ඉන්නේ නිම් හිම් නැති සතුටකින්.



