රංගනයෙන් වගේම නර්තනයෙනුත් තමන්ගේ දස්කම් පෙන්වපු රොෂාන්, සැබෑ ජීවිතයේදී හරිම අපූරු අදරණිය චරිතයක්.
හැබැයි රොෂාන්ගේ තියෙන විශේෂම ගුණය තමයි මොනතරම් වැඩ රාජකාරි තිබුණත් තමන්ගේ පවුල වෙනුවෙන් මුල්තැන ලබාදීම. රොෂාන්, කුෂානි සහ පුංචි පුතා එක්ක ගත කරන ඒ සුන්දර පවුල් ජීවිතයට රසිකයින් හරිම ආදරෙයි.
පසුගිය දින කිහිපයේ තිබුණු වැඩ රාජකාරිවලින් මිදිලා, රොෂාන් තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතණුවන් එක්ක හරිම විනෝදකාමී චාරිකාවක් ගිහින් තිබුණා. ස්වභාවධර්මයේ අසිරිය විඳින ගමන්, නිදහසේ ගත කරපු ඒ ආදරණීය මොහොතවල් කැමරා කාචයට හසු කරගන්නත් රොෂාන් අමතක කරලා තිබුණේ නැහැ.
මේ සුන්දර චාරිකාවේ ඡායාරූප කිහිපයක් රොෂාන් තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුණේ "Family is everything" කියන පණිවිඩය මුළු ලෝකයටම පෙන්වන ගමන්. නිල් පාට අහසයි, ගහකොළයි මැද රොෂාන්ගේ කැදැල්ලේ හිනාවන් පිරුණු ඒ පින්තූර දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්.
ඔයාලත් බලන්නකෝ රොෂාන්ගේ කැදැල්ලේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
