තමන්ගේ අනාගතය ලස්සන කරගන්න, දහසකුත් හීන හිතේ හිරකරගෙන ඇඟළුම් කම්හලක සේවයට ආපු අහිංසක තරුණියකට ඊයේ දහවල දෛවය සරදම් කරලා තිබුණේ ඉතාමත් අවාසනාවන්ත විදිහටයි.
හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරමින්, තමන් නවාතැන්ගෙන සිටි නිවසේ රැඳී සිටි තරුණියන් දෙදෙනෙකුට ඊයේ දහවල් අකුණු සැර වැදී තිබෙනවා. වර්ෂාවත් සමඟ නිවසටම පතිත වූ මේ මාරක අකුණු සැරෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා වහාම මීපේ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.
නමුත් අවාසනාවකට මෙන්, රෝහලට ඇතුළත් කරන විටත් එක් තරුණියක් මෙලොව හැර ගොස් තිබුණේ ඇය ආදරය කළ සියල්ලන්ම කඳුළේ ගිල්වමින්. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක්.
ජීවිතේ ලස්සනම කාලේ, තමන්ගේම කියලා ලෝකයක් ගොඩනගන්න වෙහෙස මහන්සි වුණු මේ තරුණියගේ හදිසි වෙන්වීම ඇයව හඳුනන කාටත් දරාගන්න බැරි වේදනාවක් වෙලා.
අනතුරට පත් අනෙක් තරුණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බවයි වාර්තා වන්නේ.
හබරාදූව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.